ස්වාභාවික ආපදාවෙන් අසරණ වූ සතුන්ට පිළිසරණක්

vinivida
ඔබ ද දන්නා පරිදි මේ දිනවල දිවයිනට පතිත වූ අධික වර්ෂාව හේතුවෙන් දිවයින පුරා ජල ගැලීම්, නාය යෑම්, මං මාවත් විනාශ වීම් සහ නිවාස කඩා වැටීම් සිදුවෙමින් පවතී. මේ නිසා මිනිසුන්ට වගේම වන සතුන්ට, ගොවිපල සතුන්ට, සුරතල් සතුන්ට සහ වීදි සතුන්ට විශාල හානියක් සිදුවී තිබෙනවා. එබැවින් ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය ලෙස අප සංගමයේ සියලුම සාමාජිකයින් ඇතුළුව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ වෛද්‍යවරුන්, රජයේ පශු වෛද්‍ය කාර්යාල, පෞද්ගලික සත්ව සයන, සත්ව සුබසාධක සංගම් සහ අනෙකුත් ආයතන සියල්ලන්ගේ සහභාගීත්වයෙන් මෙම අසරණ තත්වයට පත්වී සිටින සතුන්ට උදව් කිරීම සඳහා අපි කල්පනා කළෙමු.

ඒ අනුව ඔබ ප්‍රදේශයේ සුරතල් සතුන්ට, වීදි සතුන්ට, ගොවිපල සතුන්ට ඒ වගේම කිරි දෙනුන්ට ආදී සියලුම සතුන්ට කිනම් හෝ හානියක් සිදුවී තිබේනම් ඔබට අපව දුරකථන මාර්ග ඔස්සේ හෝ වට්ස් ඇප් හරහා සම්බන්ධ කරගැනීමට ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය සහ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුව විසින් ඔබ වෙත දුරකථන අංක හතරක් ක් ලබා දී ඇත.

ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය හා සම්බන්ධ වීමට.
076 366 6147 හෝ 071 600 0666
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුව හා සම්බන්ධ වීමට.
වෛද්‍ය මාලක ලසන්ත – 0714145242.
වෛද්‍ය නිලූෂා – 070 610 3808.

ඉහත සඳහන් දුරකථන අංක ඔස්සේ ඔබට අවශ්‍ය උපදෙස්, පශු වෛද්‍ය වරයෙක් වෙත ලඟාවීමට අවශ්‍ය උපදෙස් හෝ වෙනත් ඔබගේ ගොවිපල සතුන් හට සිදුවී ඇති හානිය පිළිබඳ දැනුම් දීමට හෝ ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබා ගැනීම ආදිය කරගැනීමේ හැකියාව තිබේ. එම නිසා මෙම පණිවිඩය හැකි තරම් ඔබ දන්නා අය අතරේ බෙදා හරින්න. එවිට අපිට එම අහිංසක සතුන්ට උදව් කිරීමේ හැකියාව පවතිනවා.

වෛද්‍ය සුගත් ප්‍රේමචන්ද්‍ර

ශ්‍රී ලංකා පශු වෛද්‍යවේදීන්ගේ සංගමයේ සභාපති

සතුන්ටත් හිමි අපේ ලෝකය