සිවිල් ආරක්ෂක නිලධාරීන් 10,000ක් පොලිස් සේවයට අනියුක්ත කිරීමට සැලසුම්

දිවයින පුර මත්ද්‍රව්‍ය වැටලීම් වැඩි කිරීමේ අරමුණින් සිවිල් ආරක්ෂක නිලධාරීන් 10,000ක් පොලිස් සේවයට අනියුක්ත කිරීමට සැලසුම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල සඳහන් කළේ දිවයින පුරා සියලු පොලිස් ස්ථානවලට අලුතින් බඳවා ගන්නා පිරිස් එලෙස අනියුක්ත කිරීමට සැලසුම් කර ඇති බවයි.

මේ වන විට දීප ව්‍යාප්ත මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් දැඩි කර ඇති අතර රාත්‍රියේ මෙන්ම අලුයම් කාලයේද එම මෙහෙයුම් ක්‍රියාත්මක බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

කාලීන පුවත්