‘සොඳුරු ලොවක්’ තේමාව කරගත් ජාතික බාලදක්ෂ කබෝරිය

ක්‍රියාශීලී බව හා සමගිය ප්‍රධාන කොට විනය ගරුකව ජීවිතය හැඩගැස්වීම බාල දක්ෂ ව්‍යාපාරයේ අරමුණ බව උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා බාල දක්ෂ මූලස්ථානය මගින් අනුරාධපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් සංවිධානය කළ දාහතර වන ජාතික කබෝරියට එක්වෙමින්.

අධ්‍යාපනය මතම රඳා පවතිමින් යාන්ත්‍රික දරුවෙකු බිහි කිරීමට දෙමව්පියන් උත්සාහ දැරීම අනාගත ශ්‍රී ලංකාවට ඉතා හානිදායක විය හැකි බවයි ඔහු වැඩිදුරටත් පවසයි.

එබැවින් විවිධ ක්‍රියාකාරකම් සඳහා දරුවන් යොමු කිරීම වැදගත් වන බව ඔහු පෙන්වා දෙයි.

මෙවර පැවැත්වෙන 14 වන ජාතික කබෝරිය අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගනයේදී බාල දක්ෂකයින් දස දහසකගේ සහභාගීත්වයෙන් සංවිධානය කර තිබුණි.

‘සොඳුරු ලොවක්’ තේමාව අරමුණු කර ගනිමින් සංවිධානය කර ඇති මෙය ඊයේ (15) සිට 17 වැනිදා දක්වා තෙදිනක් පුරා පැවැත්වෙන අතර රතු මල, අත් වැඩ, චිත්‍ර හා ජන ගායනා ඇතුළු විවිධ ක්‍රියාකාරකම් රාශියකින් සමන්විතයි.

කාලීන පුවත්