හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කිරීමේ ගැසට්ටුව සම්මතයි

මහජන හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 104 කින් සම්මත විය.

හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කිරීමට සමගි ජන බලවේගය විරෝධය සටහන් කළ අතර සමස්ථ ලංකා දෙමළ කොංග්‍රසයේ මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර පොන්නම්බලම් ඡන්දයක් ඉල්ලා සිටියි.

ඡන්ද විමසීමේදී මහජන හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කිරීමට පක්ෂව ඡන්ද 106 ලැබුණු අතර විරුද්ධව ලැබුනේ ඡන්ද 02 පමණයි.

කාලීන පුවත්