හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කෙරේ

පනවා ඇති හදිසි නීතිය තවත් මාසයකින් දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ 2025 නොවැම්බර් 28 දිනැති ගැසට් පත්‍රයට අනුකූලව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ය. ඒ අනුව මහජන හදිසි අවස්ථාව තත්ත්වයක් පැවතීම හේතුකොටගෙන මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරිම හා මහජන ජිවිතයට අවශ්‍ය සැපයිම් සහ සේවා පවත්වාගෙන යාම සඳහා හදිසි නීතිය එලෙස දිර්ඝ කර තිබේ.

මේ අතර, සේවාවන් 15 ක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින්, නිකුත් කර තිබූ අති විශේෂ ගැසට් නිවේදනය යළි දීර්ඝ කරනලදි.

ඒ අනුව විදුලිය,ඉන්ධන,සෞඛ්‍ය සේවා,ප්‍රවාහන,මාර්ග,ජලය,ආහාර, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුලු ක්ෂේත්‍ර නිලධාරීන්, ගිලන් රථ, මහ බැංකුව, රාජ්‍ය බැංකු සහ රක්ෂණ සේවා, වාරිමාර්ග, දුරකථන, විදුලි සංදේශ හා මාධ්‍ය , පහත්බිම් ගොඩකිරීම, කෘෂි සහ කෘෂි රක්ෂණ යන සේවා අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

කාලීන පුවත්