හම සුදුකරන ආලේපන නිසා පිළිකා අවදානමක්

දිවයින පුරා සම සුදුකරන විවිධ ආලේපන වර්ග 08 කට වැඩි සංඛ්‍යාවක් පවතින බවත්, එමගින් බොහෝ තරුණ තරුණියන් පිළිකා රෝගවලට ගොදුරුවීමේ අවදානමක් පවතින බවත් සෞඛ්‍ය අංශ අනාවරණය කරයි.

මෙයට හේතු වී ඇත්තේ ඖෂධ නියාමන අධිකාරිය මගින් නිසි පරිදි සුවඳ විලවුන් හා රූපලාවණ්‍ය ආලේපන වර්ග නියාමනය නොකිරීම නිසාය.ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත ප්‍රමිතියට අනුව මෙම සංයෝග තුළ තිබිය යුතු උපරිම රසදිය මට්ටම කොටස් දස ලක්ෂයකට එකක් වුවත් වෙළෙඳපොළේ පවතින බොහෝ ආලේපන වර්ගවල මෙම මට්ටම කොටස් දසලක්ෂයකට 10,000 හෝ 20,000 සීමාවේ පවතී.

එම නිසා මෙම බොහෝ ආලේපන වර්ගවල පැවැතිය යුතු නියමිත ප්‍රමිතිය නොමැති වීමෙන් තරුණ තරුණියෝ දුර්වර්ණවීමේ අවදානමකට ගොදුරු වෙති.

කාලීන පුවත්