හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමන් කරන රියදුරන්ට දැනුම්දීමක්

කබුළුමුල්ල රජමහා පත්තිණි දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර හේතුවෙන් හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගය රථවාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවන බව පොලීසිය දැනුම්දෙයි.

පෙරහැර (18) රාත්‍රී 08.00 සිට පසු දින අලුයම 01.00 දක්වා වීථි සංචාරය කිරීමට නියමිතයි.

පෙරහැර දේවාලයෙන් අරම්භ කර හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කරවනැල්ල නගරය දක්වා ගමන් කර, කෑගල්ල අවිස්සාවෙල්ල මාර්ගයේ කෑගල්ල දෙසට මීටර් 300ක් පමණ ගමන් කිරීමෙන් පසු වැන්දල විහාරස්ථානය අසලින් හරවා එම මාර්ගයේම නැවත කබුළුමුල්ල දේවාලයට ප්‍රවේශ වීමට නියමිතව ඇති බව පොලීසිය සඳහන් කරයි.

පෙරහැර හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමන් කිරීමේදී රථ වාහන ගමනා ගමනයට සිදු වන අවහිරතාවය හේතුවෙන් එම කාලය තුල එම මාර්ගය භාවිතා කිරීමට අපේක්ෂිත රියදුරන් හට ඇති වන අපහසුතාවය අවම කිරීම සඳහා පහත විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය එම රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

කාලීන පුවත්