හැටන් – කොළඹ මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට දැනුම්දීමක්

සීතාවකපුර කොට්ඨාසයේ රුවන්වැල්ල පොලිස් වසමේ පිහිටි යටන්වල ස්වර්ණ වලුකාරම විහාරස්ථානයේ ඇසළ මහා පෙරහර හේතුවෙන් අද (19) එම ප්‍රදේශයේ රථ වාහන ගමනාගමනය සීමා කර තිබේ.

අද (19) රාත්‍රී 8 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පෙරහර වීථි සංචාරය කිරීමට නියමිතයි.

මෙම පෙරහර යටන්වල ස්වර්ණ වාලුකාරාම විහාරස්ථානයෙන් ආරම්භ කර කෑගල්ල කරවනැල්ල මාර්ගයේ කිලෝමීටරයක් පමණ කරවනැල්ල දෙසට පැමිණ රුවන්වැල්ල රාජසිංහ විදුහල ඉදිරිපිටින් හැරී නැවත යටන්වල ස්වර්ණ වාලුකාරාම විහාරස්ථානයට පිවිසීමට නියමිතයි.

පෙරහර ගමන් ගන්නා කාලය තුළ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනයට බාධා ඇති විය හැකි බැවින් මෙම කාලය තුළ විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි පොලීසිය රියදුරන්ට දැනුම් දෙයි.

කාලීන පුවත්