හැඳුනුම්පත් නිකුත් කිරීමේදී මතු වූ තාක්ෂණික දෝෂය යථා තත්ත්වයට

හැඳුනුම්පත් නිකුත් කිරීමේදී මතු වූ තාක්ෂණික දෝෂය යථා තත්ත්වයට පත්කර තිබෙන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ වැඩබලන කොමසාරිස් ජනරාල් එම්. එස්. පී. සූරියප්පෙරුම පවසයි.

ඒ අනුව අද (30) හැඳුනුම්පත් නිකුත් කිරීම සාමාන්‍ය පරිදි සිදු කරන බවයි වාර්තා වෙයි.

එම තාක්ෂණික දෝෂය හේතුවෙන් ඊයේ (29) පස්වරු 1.00 සිට 4.00 දක්වා හැඳුනුම්පත් නිකුත් කිරීමට නොහැකි වූ බවත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ වැඩබලන කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කරයි.

ඇය වැඩිදුරටත් කියා සිටියේ නිකුත් කිරීමට නොහැකි වූ හැඳුනුම්පත් තැපෑල ඔස්සේ අදාළ පුද්ගලයන් වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි.

කාලීන පුවත්