හෙට ( 19)පැවැත්වීමට නියමිත ජාතික රණවිරු සැමරුමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද සහභාගී වීමට තීරණය කර තිබේ.ඒ අනුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එම සැමරුම පැවැත්වෙන බව රණවිරු සේවා අධිකාරියේ සභාපති සෙනරත් කොහොන මහතා සඳහන් කරයි.හෙට පැවැත්වෙන රණවිරු සැමරුමේ පෙර සූදානම් කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රණවිරූ සැමරුම් ස්මාරකය අද අභියසදි ඔහු මේ බව කියා තිබේ.කෙසේ වෙතත් මෙම උත්සවය සඳහා ජනාධිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය ආරක්ෂක ඇමති අරුණ ජයසේකර මහතා සහභාගි වන බවත් ඔහුගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්වෙන බවත් 16 දින ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ වී තිබිණ.ඒ අනුව ජනාධිපති වරයාගේ මෙම සහභාගීත්වය පසුව ගන්නා ලද තීරණයක් අනුව සිදු වන්නක් බව පෙනෙයි.