අමෙරිකාව විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුව තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඉරාන පාර්ලිමේන්තුව විසින් අනුමත කර ඇති මෙම තීරණය ක්‍රියාවට නැංවීමේ අවසන් තීරණය ඉරාන උත්තරීතර කවුන්සිලය විසින් ගැනීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
ඉරානය ඇතුළු මැදපෙරදිග රටවල් තෙල් අපනයනය කරන්නේ මෙම ‘හෝමූස්’ සමුද්‍ර සන්ධිය හරහායි.
ලෝකයේ තෙල් ප්‍රවාහන කටයුතුවලින් වැඩි ප්‍රමාණයක් සිදුවන්නේ මෙම සමුද්‍ර සන්ධිය හරහා බැවින් මෙය ලොව ප්‍රධාන පෙළේ තෙල් ප්‍රවාහන මාර්ගයක් ලෙස සැලකේ.