ළමයින්ට හා කාන්තාවන්ට සිදුවන හිංසන ඇතුළු විවිධාකාර ගැටලු ගැන පැමිණිලි කිරීමට පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශ මූලස්ථානයේ ස්ථාපිත කර ඇති පැය 24 පුරා ක්‍රියාත්මක 109 කෙටි දුරකතන අංකය ගැන ජනතාව දැනුම්වත් කිරීමේ පාගමනක් පවත්වනලදි.
ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මියගේ මූලිකත්වයෙක් මේ පාගමන ආමර්වීදියේ පිහිටි ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශ මූලස්ථානය අසලින් සවස 2.00ට ආරම්භ වී මරදාන හරහා කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටින් ගාලුමුවදොර දක්වා ගමන් කරනලදි.
මේ පාගමනේදී 109 විශේෂ මෙහෙයුම් මැදිරිය ගැන මෙන්ම ළමයින් හා කාන්තාවන්ට සිදුවන හිංසන වළක්වා ගන්නා ආකාරය පිළිබඳ දැනුම්වත් කිරීමේ අත්පත්‍රිකා බෙදා හැරීමක් ද පුවරු ප්‍රදර්ශනය කිරීමක් ද වීථි නාට්‍ය සංදර්ශන ද පැවැත්විණි. මේ පාගමනට ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශයේ අධ්යක්ෂ ඉමේෂා මුතුමාල මහත්මිය, කාර්යාංශයේ සහකාර පොලිස් අධිකාරි මෙරිල් රංජන් ළමාහේවා මහතා ඇතුළු කැලණිය, ගම්පහ, කොළඹ මධ්‍යම,කොළඹ දකුණ, පාණදුර, ඇල්පිටිය, ගාල්ල, මාතර, තංගල්ල හා කුලියාපිටිය පොලිස් කොට්ඨාසවල සේවයේ නිරත පොලිස් නිලධාරීහු 350ක් පමණ සහභාගි විය.