ශ්‍රී ලංකාවේ භාවිතා වන සියලුම සිම් කාඩ්පත් (SIM) ලියාපදිංචි කිරීමේ රෙගුලාසි සංශෝධනය කිරීමට සහ 2019 අගෝස්තු 02 දිනට පෙර ලබාගත් පැරණි සිම් කාඩ්පත් නැවත ලියාපදිංචි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
ජනාධිපතිවරයා විසින් ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ මෙම යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිවී තිබෙන බවට වාර්තා වෙයි.
පවතින නීතිමය පසුබිම අනුව සිම් කාඩ්පත් ලියාපදිංචි කිරීමේ රෙගුලාසි 2019 අගෝස්තු 02 දිනෙන් පසුව නිකුත් කළ කාඩ්පත් සඳහා පමණක් අදාළ වෙයි.