2025දී ඩෙංගු මාරයාට 26ක් බිලි

ඉකුත් 2025 වසරේදී ඩෙංගු වැලඳී පුද්ගලයන් විසිහය දෙනකු මියගිය බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර පවසනලදි.එම වසරේදී ඩෙංගු උණ වැලඳී රෝගීන් පනස් එක්දහස් හාරසිය තිස් අට දෙනකු (51,438) රෝහල්වලින් ප්‍රතිකාර ලබාගෙන ඇතැයිද ඇය සඳහන් කරනලදි.

මෙම වසරේ ගෙවී ගිය දින තුනට පමණක් ඩෙංගු රෝගීන් හත්සිය අනූතුන් දෙනකු (793) මෙරටින් හමු වී ඇති අතර ඉන් 50කට ආසන්න පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇත.

මෙම සංඛ්‍යා දත්ත පිරික්සීමේදී බස්නාහිර පළාතේ ඩෙංගු පැතිරීම සෙසු පළාත්වලට සාපේක්ෂව ඉහළ මට්ටමක පවතී.

කාලීන පුවත්