විදෙස් සංචාරකයන්ගේ පැමිණීම කැපීපෙනෙන ලෙස ඉහළ යමින් මේ වසරේ ගතවූ කාලය තුළ විදෙස් සංචාරකයන් 2,250,000 ඉක්මවා ගිය ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
ඒ අනුව මේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට දෙසැම්බර් මස 21 වැනිදා දක්වා කාලය තුළ විදෙස් සංචාරකයන් 2,258,202ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වාදෙයි.
ඉන් වැඩි දෙනකු ඉන්දීය ජාතිකයන් වන අතර එම සංඛ්‍යාව 510,133ක් බව බ්‍රිතාන්‍ය ජාතිකයන් 204,703 දෙනකු, ජර්මානු ජාතිකයන් 141,941 දෙනකු සහ චීන ජාතිකයන් 129,403ක් ඒ අතර වන බව ද එම අධිකාරිය නිකුත් කළ නවතම වාර්තාවකින් කියා සිටී.
ඊට අමතරව ප්‍රංශය, ඔස්ට්‍රේලියාව, නෙදර්ලන්තය ඇතුළු රටවලින් ද සංචාරකයන් වැඩි පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. දෙසැම්බර් මාසයේ පළමු දින 21 තුළ පමණක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 154,609 දෙනකු බව ද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.