2026 වසරේ පැවැත්වෙන ආසියානු වයස 19න් පහළ 15 සාමාජික රග්බි තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිවූ බව ආසියානු රග්බි සංගමය සදහන් කරයි.
ශ්‍රී ලංකාවට මෙලෙස ආසියානු යොවුන් රග්බි තරගාවලියක සත්කාරකත්වයක් හිමිව ඇත්තේ වසර 26කට පසුවයි.
අවසන්වරට 2000 වසරේදී සත්කාරකයත්වය ලබාදී තිබූ අතර, එවර ජීවන් ගුණතිලකගේ නායකත්වයෙන් තරග වැදී ඇති ශ්‍රී ලංකාව කැපී පෙනෙන දක්ෂතා දක්වා තිබේ.ඒ හේතුවෙන් චිලී දේශයේ පැවති වයස අවුරුදු 20න් පහළ ලෝක රග්බි ශූරතාවලියට සුදුසුකම් ලැබීමේ ඓතිහාසික අවස්ථාවක් හිමිකරගැනීමටද ශ්‍රී ලංකාවට හැකිවිය.