37 වැනි පොලිස්පති‌ගේ නම ව්‍යවස්ථාදායක සභාවට

මෙරට 37 වැනි පොලිස්පතිවරයා තෝරාගැනීම ව්‍යවස්ථාදායක සභාව විසින් අද (06) සිදුකිරීමට නියමිතව ඇත.හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධුරයෙන් නෙරපීමත් සමග ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නව පොලිස්පතිවරයා ලෙස නිලධාරියකු නම් කර ව්‍යවස්ථාදායක සභාව වෙත යොමු කෙරේ.

වැඩ බලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන ප්‍රියන්ත වීරසූරිය, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන ලලිත් පතිනායක, අජිත් රෝහණ ඇතුළු නිලධාරීන් අතරින් නිලධාරියකු මෙරට 37 වැනි පොලිස්පතිවරයා ලෙස පත්කිරීමට නියමිතයි.

නව පොලිස්පතිවරයා ලෙස වත්මන් වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පත්කිරීමට වැඩි ඉඩකඩක් පවතින බව පොලිස් මූලස්ථානයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.poli

කාලීන පුවත්