79 වන ඉන්දීය ජාතික නිදහස් දිනය අද

ඉන්දියාවේ 79 වන ජාතික නිදහස් දිනය අදට (15) යෙදී තිබේ.

ජාතික නිදහස් දින වෙනුවන් පවත්වන විශේෂ රාජ්‍ය උත්සවය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සහභාගත්වයෙන් නවදිල්ලියේ රතු බළකොටුවේ දී අද (15) පෙරවරුවේ ආරම්භ විය.

බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් ඉන්දියාව 1947 වසරේ නිදහස ලැබුවේ අද වැනි දිනකයි.

මෙවර ඉන්දීය නිදහස් දින උත්සවයේ දී සින්දූර් මෙහෙයුමට දායක වූ හමුදා නිලධාරීන් ඇගයීමට මුල්තැනක් ලබා දී ඇති බවයි විදෙස්මාධ්‍ය වාර්තා කරයි.

නවදිල්ලියේ රතු බළකොටුවේ සිට ජාතිය අමතමින් ඔහු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සඳහන් කළේ ‘ආත්මනිර්භාර් භාරත්’ (ස්වයංපෝෂිත ඉන්දියාව) ‘වික්සිත් භාරත්’ (සංවර්ධිත ඉන්දියාවක්) පදනම බවයි.

ඉන්දියාව ස්වයංපෝෂිත නොවූයේ නම්, ඉන්දියාවට සින්දූර් මෙහෙයුම මෙතරම් සාර්ථකව සිදුකිරීමට නොහැකි වනු ඇති බවයි මෝදි අග්‍රාමාත්‍යවරයා සඳහන් කර සිටියි.

කාලීන පුවත්