9වන වරටත් ආසියානු කුසලානය ඉන්දියාවට

ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දීය කණ්ඩායම හා පාකිස්ථාන කණ්ඩායම අතර තරගය කඩුලු 5 කින් ජය ගනිමින් ආසියානු කුසලානයේ ජය හිමි කර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

ඉන්දියාව ආසියානු කුසලානයක් හිමිකරගත් 09 වැනි අවස්ථාව ලෙස මෙය සටහන් විය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට පාකිස්ථාන කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් පන්දුවාර 19 යි පන්දු 1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 146 ක් ලබාගන්නාලදි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 19 ක් තුළ කඩුලු 5 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් විය.

ආසියානු කුසලානය ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ ඉන්දීය කණ්ඩායම කුසලානය නොමැතිව සිය ජයග්‍රහණය සමරනු ලදි.

කාලීන පුවත්