සුප්‍රකට මයික්‍රොසොෆ්ට් සමාගමේ නිර්මාතෘ බිල් ගේට්ස් යනු ලෝකයේ ධනවත්ම පුද්ගලයන් පිළිබඳ ලැයිස්තුවේ ඉහළින්ම සිටින කෙනෙකු බව රහසක් නොවෙයි. ඇමෙරිකානු ධන කුවේරයකු වන ගේට්ස් ගැන අපූරු පුවතක් පසුගිය දිනවල විදෙස් මාධ්‍ය තුළ පළ වුණා.
එයින් කියැවුණේ ඔහු ඉදිරි කාලයේ ඔහුගේ මහා ධනස්කන්ධයෙන් සියයට 99 ක්ම සමාජ සේවා කටයුතු වෙනුවෙන් පරිත්‍යාග කිරීමට සූදානම් වන බව යි.
ඉදිරි වසර 20 තුළ ඔහු මේ ආකාරයෙන් සිය ධනය පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බවයි සඳහන් වන්නේ. බිල් ගේට්ස් මෙම පරිත්‍යාගය කිරීමට යන්නේ ඔහු සහ ඔහුගේ කලින් බිරිඳ වූ මෙලින්ඩා ගේට්ස් විසින් කලෙකට පෙර පිහිටුවන ලද “ගේට්ස් පදනම” නැමැති සමාජ සේවා ආයතනය හරහා යි.
“මා මිය ගිය විට මිනිසුන් මා ගැන බොහෝ දේ කියාවි. නමුත් මා මිය ගියේ ධනවතකු හැටියට යයි ඔවුන් නොකියනු ඇති බව මට විශ්වාස යි” මේ වනවිට 69 වැනි වියෙහි පසුවන ගේට්ස් පසුගිය දිනෙක ඔහුගේ බ්ලොග් සටහනක එසේ ලියා තිබුණා. සිය ධනය පෙරළා සමාජය වෙත දීමට ධනවතුන්ට යුතුකමක් ඇති බව පිලිගන්නා කෙනෙකු හැටියට බිල් ගේට්ස් සැලකෙනවා.කෙසේ නමුත් ගේට්ස් සිය ධනස්කන්ධයෙන් සියයට 99 ක් පරිත්‍යාග කළත් ඔහු තවදුරටත් බිලියනපතියකුම වනු ඇති.
මෙම සටහන ලියන අවස්ථාව වනවිට බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයට අනුව බිල් ගේට්ස් ගේ ශුද්ධ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 169 ක් ලෙසයි සටහන් වුණේ. ඔහු ඒ වනවිට මෙම ලැයිස්තුවේ පස්වැනි ස්ථානයේ පසු වුණා. ඊලෝන් මස්ක්, ජෙෆ් බෙසෝස්, මාක් සකර්බර්ග් යන තිදෙනා තමයි මුල් ස්ථාන තුන දිනාගෙන සිටියේ. ඔවුන් තිදෙනා ගේ වත්කම් පිලිවෙලින් ඇ.ඩොලර් බිලියන 344 ක්, 215 ක් සහ 210 ක් ලෙස සටහන් වුණා.
තම ධනය පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පවසා තිබුණේ මහා ධනවතකු ලෙස මිය යන්නට තමාගේ අදහසක් නැති බව යි.
“මා මිය ගිය විට මිනිසුන් මා ගැන බොහෝ දේ කියාවි. නමුත් මා මිය ගියේ ධනවතකු හැටියට යයි ඔවුන් නොකියනු ඇති බව මට විශ්වාස යි” මේ වනවිට 69 වැනි වියෙහි පසුවන ගේට්ස් පසුගිය දිනෙක ඔහුගේ බ්ලොග් සටහනක එසේ ලියා තිබුණා. සිය ධනය පෙරළා සමාජය වෙත දීමට ධනවතුන්ට යුතුකමක් ඇති බව පිලිගන්නා කෙනෙකු හැටියට බිල් ගේට්ස් සැලකෙනවා.
කෙසේ නමුත් ගේට්ස් සිය ධනස්කන්ධයෙන් සියයට 99 ක් පරිත්‍යාග කළත් ඔහු තවදුරටත් බිලියනපතියකුම වනු ඇති.
බිල් ගේට්ස් ගේ පදනම හරහා මේ වනවිටත් ඇ.ඩොලර් බිලියන 100 ක පමණ මුදලක් විවිධ කටයුතු වෙනුවෙන් වියදම් කර තිබෙනවා. ගේට්ස් පවසන්නේ ඉදිරි වසර 20 තුළ තවත් ඇ.ඩොලර් බිලියන 200 ක් පමණ එසේ වියදම් කෙරෙනු ඇති බව යි.
ගේට්ස් පදනම වැඩි වශයෙන්ම ආධාර ලබා දෙන්නේ ලෝකයේ සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීම, දිළිඳුකම තුරන් කිරීම, අධ්‍යාපන අවස්ථා ඉහළ නැංවීම ආදී කටයුතුවලට යි. පසුගිය කොවිඩ් වසංගතය අවස්ථාවේ ද එම පදනම වසංගතය මර්ධනය කිරීමේ කටයුතු වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කළා. විවිධ එන්නත් වර්ග පිළිබඳ පර්යේෂණ කටයුතුවලටත් ගේට්ස් පදනම බෙහෙවින් සහය දී තිබෙනවා.
ඉහත කී ආකාරයෙන් තම ධනය බෙදා දීමෙන් පසු 2045 වසරේ ගේට්ස් පදනම වසා දැමීමටත් ඔහු අදහස් කරගෙන සිටින බව සඳහන්. මෙම පදනම ආරම්භ කළ ගේට්ස් යුවළ මුලින් එවැනි අදහසක සිටියේ නැහැ. තමුන් ගේ මරණයෙන් පසුවත් බොහෝ කලක් එය ක්‍රියාත්මකව තිබෙනු දැකීමයි ඔවුන්ගේ බලාපොරොත්තුව වුණේ. එම ස්ථාවරය වෙනස් වුණේ මන්ද යන්න ගැනත් මාධ්‍ය බිල් ගේට්ස්ගෙන් විමසා තිබුණා. එහි දී ඔහු පවසා තිබුණේ ලෝකයේ අනාගත අභියෝග විසඳීමට දායක විය හැකි බොහෝ ධනවතුන් තව වසර 20 ක් වනවිට ලෝකයේ සිටිනු ඇති බව යි.
කෙසේ වෙතත්, පසුගිය දිනවල බිල් ගේට්ස් ලෝකයේ ධනවත්ම පුද්ගලයා වන ඊලෝන් මස්ක්ව දැඩි ලෙස විවේචනය කර තිබුණා. ඔහු පැවසුවේ මස්ක් ලොව පුරා දරුවන් මිලියන ගණනක් මරා දැමීමට දායක වෙමින් සිටින බව යි. බිල් මෙසේ පැවසීමට හේතුව ඇමරිකාව වෙනත් රටවලට ලබා දෙන විදේශ ආධාර කපා හැරීමට මස්ක් දායක වීමයි.
ඇමරිකාවේ රාජ්‍ය වියදම් කප්පාදු කිරීම ද අරමුණු කරගත් විශේෂ දෙපාර්තමේන්තුවක් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය කාලයේ ආරම්භ කළ අතර ඊලොන් මස්ක් එහි ප්‍රධානියකු හැටියටත් පත් කළා.
ඇමරිකාව ලබා දෙන විදේශ ආධාර කපා හැරීම නිසා ලෝකයේ විවිධ රටවල දිළිඳු දරුවන් සහ මව්වරුන් ඉලක්ක කර ක්‍රියාත්මක කළ බොහෝ වැඩසටහන්වල අඩාල වීමක් සිදු වෙනවා. බිල් ගේට්ස් ඊලෝන් මස්ක්ට එල්ල කරන චෝදනාවට පදනම් වන්නේ මේ කාරණය යි. “ලෝකයේ ධනවත්ම පුද්ගලයා මෙවැන්නක් කරනු ඇතැයි කිසිවකු බලාපොරොත්තු නොවන්න ඇති” යයි ද බිල් ගේට්ස් ප්‍රකාශ කර තිබුණා.
ඇමරිකාව ලබා දෙන විදේශ ආධාර කපා හැරීම නිසා ලෝකයේ විවිධ රටවල දිළිඳු දරුවන් සහ මව්වරුන් ඉලක්ක කර ක්‍රියාත්මක කළ බොහෝ වැඩසටහන්වල අඩාල වීමක් සිදු වෙනවා. බිල් ගේට්ස් ඊලෝන් මස්ක්ට එල්ල කරන චෝදනාවට පදනම් වන්නේ මේ කාරණය යි. “ලෝකයේ ධනවත්ම පුද්ගලයා මෙවැන්නක් කරනු ඇතැයි කිසිවකු බලාපොරොත්තු නොවන්න ඇති” යයි ද බිල් ගේට්ස් ප්‍රකාශ කර තිබුණා.
බිල් ගේට්ස් මහා ධනවතකු වීමට පටන් ගත්තේ මයික්‍රොසොෆ්ට් සමාගම ආරම්භ කිරීමත් සමග යි. ඔහු පෝල් ඇලන් සමග එක්ව එම සමාගම ආරම්භ කළේ 1975 වසරේ යි. එය පරිගණක මෘදුකාංග ක්ෂේත්‍රයේ ඉහළම ආයතනයක් බවට පත් වුණා.
1994 වසරේ බිල් ගේට්ස් මෙලින්ඩා ෆ්‍රෙන්ච් සමග යුග දිවියට එළැඹුණා. නමුත් වසර 27 ක විවාහ දිවියකින් පසු 2021 වසරේ ඔවුන් දෙදෙනා එකිනෙකාගෙන් දික්කසාද වුණා. මේ විවාහයෙන් ඔවුන්ට දරුවන් තිදෙනෙකු සිටිනවා.
බිල් සහ මෙලින්දා ගේට්ස් අතර දික්කසාදයට බිල්ගේ අනියම් සබඳතාත් හේතු වූ බව පැවසෙනවා. බිල් විවාහය තුළ අවංක නොවූ බව මෙලින්ඩා නැගූ ප්‍රබල චෝදනාවක්.
බිල් ගේට්ස් සහ මයික්‍රොසොෆ්ට් සමාගමේ සේවය කළ ඉංජිනේරුවරියක අතර පැවති බව පැවසුණු ලිංගික සම්බන්ධයක් ගැනත් විශාල ආන්දෝලනයක් ඇති වුණා. මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වුණු අතර බිල් 2021 වසරේ මයික්‍රොසොෆ්ට් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ද ඉවත් වුණා.
මේ වනවිට ඔහු පෝලා හර්ඩ් නැමැති කාන්තාවක සමග සම්බන්ධයක් පවත්වනවා. ඔහු පවසන්නේ එය ගැඹුරු, බැරෑරුම් සම්බන්ධයක් බව යි.
නිහාල් පීරිස්