වේරහැර KDU රෝහලේ මානුෂීය සුනඛ මෙහෙයුමක්

වේරහැර, බොරලැස්ගමුවේ කොතලාවල ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල ( kDU ) රෝහල් පරිශ්‍රයේ ජීවත් වන නිවාස අහිමි සුනඛයන් වඳ සැත්කම්වලට ලක් කොට ඔවුන්ට ජල භීතිකා එන්නත ලබා දීමේ වැඩසටහනක් ඊයේ (18) දිනය පුරා මෙම රෝහල් පරිශ්‍රයේ දී සිදුකරන ලදී. එම රෝහලේ අධ්‍යක්ෂ (පරිපාලන )බ්‍රිගේඩියර් සී.එස් තිබ්බොටුගේ මහතාගේ ඉල්ලීම මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලද්දේ මානුෂීය ක්‍රම මඟින් සත්ව ගහන කළමණාකරණය.පිළිබඳ පශු වෛද්‍ය සංසදයේ (Association of Veterinarians for Humane Management of Animal Population ) නිර්මාතෘ පශූ වෛද්‍ය චමිත් නානායක්කාර මහතා ප්‍රමුඛ vets for future පශූ වෛද්‍ය කණ්ඩායමක් විසිනි. ඉහත සඳහන් වැඩසටහන සඳහා මූල්‍ය දායකත්වය Adopt a dog in Sri Lanka සංවිධානය විසින් දරා තිබේ.එම වැඩ සටහන නිමාවේ දී පශූ වෛද්‍ය චමිත් නානායක්කාර මහතා මෙසේ කීය.

මහාචාර්ය නාමල් විජයසිංහ මහතා සහ පශු වෛද්‍ය කණ්ඩායම

 ආරක්ෂක අමාත්‍යංශය මඟින් පාලනය වන කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහල් පරිශ්‍රයේ ඉන්න සුනඛ ගහණය මානුෂීය ක්‍රම මඟින් කළමණාකරණයට ලක් කිරීමක අවශ්‍යතාව මේ රෝහලේ පරිපාලන අධ්‍යක්ෂ තුමා අපට ලිඛිතව දන්වා තිබුණා.ඒ අනුව තමයි අපි මේ වැඩ සටහන ක්‍රියාත්මක කළේ. අපි දන්නවා; රාජ්‍ය ආයතනවල යම් කිසි ගැටලුවක් තියෙනවා; සුනඛයන් සම්බන්ධයෙන්. හැබැයි සුනඛ ගහනය කියන සමස්ත ප්‍රශ්නයම විසඳන්නෙ නැතුව අපිට හුදකලාව බැහැ එක තැනක විතරක් තියෙන ප්‍රශ්නයක් විසඳන්න. එතකොට අපි යෝජනා කරන්නේ තමන්ගේ ආයතනය ඇතුලේ ඉන්න සත්ත්තුන්ට වඳ සැත්කම් කරලා එන්නත් කරලා ඒ වාර්තා තියා ගන්න කියලා. එතකොට ඉදිරියට එන ගැටලුවලට උත්තර හොයා ගන්න පුළුවන්.

“ආරක්ෂක අමාත්‍යංශය මඟින් පාලනය වන කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහල් පරිශ්‍රයේ ඉන්න සුනඛ ගහණය මානුෂීය ක්‍රම මඟින් කළමණාකරණයට ලක් කිරීමක අවශ්‍යතාව මේ රෝහලේ පරිපාලන අධ්‍යක්ෂ තුමා අපට ලිඛිතව දන්වා තිබුණා.ඒ අනුව තමයි අපි මේ වැඩ සටහන ක්‍රියාත්මක කළේ. අපි දන්නවා; රාජ්‍ය ආයතනවල යම් කිසි ගැටලුවක් තියෙනවා; සුනඛයන් සම්බන්ධයෙන්. හැබැයි සුනඛ ගහනය කියන සමස්ත ප්‍රශ්නයම විසඳන්නෙ නැතුව අපිට හුදකලාව බැහැ එක තැනක විතරක් තියෙන ප්‍රශ්නයක් විසඳන්න. එතකොට අපි යෝජනා කරන්නේ තමන්ගේ ආයතනය ඇතුලේ ඉන්න සත්ත්තුන්ට වඳ සැත්කම් කරලා එන්නත් කරලා ඒ වාර්තා තියා ගන්න කියලා. එතකොට ඉදිරියට එන ගැටලුවලට උත්තර හොයා ගන්න පුළුවන්. රටේ තියෙන ප්‍රශ්නය විසඳුන දවසට ඇත්තටම මේ ආයතනයේ තියෙන ගැටලුවත් විසඳෙනවා. එතකොට අපිට අද මේ ආයතනයේ ඉන්න සුනඛයන්ට වඳ සැත්කම් කළා. ජලභීතිකා එන්නත් කළා. කුෂ්ට රෝගවලට ප්‍රතිකාර කළා.ඔක්කොම සත්තු තිස් හයක්.මේ වැඩසටහනට මූල්‍ය ආධාර Adopt a dog in Sri Lanka සංවිධානයෙන්.ඒ වගේම අපි මේ සම්බන්ධ පොත් නිර්මාණය කළා.එක සතාට එක පොත ගාණේ මේ හැම සතෙකුගෙම තනි ඡායාරූපයක් එක්කම සතාගෙ එන්නත් පිළිබඳ විස්තරත් ඇතුළුව. සුනඛයාට දුන් බෙහෙත් පිළිබඳ එන්නත් පිළිබඳ සියලු විස්තර මේවයේ තියනවා.

ලංකාවේ සුනඛයන් සඳහා වඳ සැත්කම් කරන්න සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට මිලියන 200ක් වෙන් වෙලා තියෙනවා. ඇත්තටම අපිත් එක්ක වැඩ කරන්නෙත් රාජ්‍ය සේවයේ පශූ වෛද්‍යවරු.නමුත් මේ කටයුතු වෙන්නේ ඒ මුදල් වලින් නෙවෙයි. ඒ ලැබුන මුදල සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ලබලා දීලා ඒ පශූ වෛද්‍ය කාර්යාල හරහා මේ විදිහට සැත්කම් කරන්න. එතකොට රාජ්‍ය ආයතනවල තියෙන ගැටලු ගොඩක්ම අපිට විසඳගන්න පුළුවන්.

පශු වෛද්‍ය චමිත් නානායක්කාර

මෙතන වෛද්‍ය හා අනිකුත් කාර්ය මණ්ඩල, විශ්ව විද්‍යාල ළමයි, ආරක්ෂක නිලධාරීන් ප්‍රතිකාර සඳහා එන රෝගීන් බැලුවොත් ඔක්කොම දහස් ගණනක් අපි ඊළඟ අවුරුද්දෙත් මෙහෙම ඇවිත් මේ විදිහට සියලුම එන්නත් ලබා දෙන බව කිව්වා. මේකෙන් මෙතන සේවය කරන ඉගෙන ගන්න වගේම යන එන අයගේ ආරක්ෂාවත් සත්තුන්ගේ ආරක්ෂාවත් තහවුරු වෙනවා මේ විදිහට හැම ආයතනයක සත්තුන්ට වඳ සැත්කම් කරලා එන්නත් කරලා වාර්තා තියා ගන්න පුළුවන් නම් එතන තියෙන අනතුරු අපිට වලක්වා ගන්න පුළුවන්.ලංකාවේ සුනඛයන් සඳහා වඳ සැත්කම් කරන්න සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට මිලියන 200ක් වෙන් වෙලා තියෙනවා. ඇත්තටම අපිත් එක්ක වැඩ කරන්නෙත් රාජ්‍ය සේවයේ පශූ වෛද්‍යවරු.නමුත් මේ කටයුතු වෙන්නේ ඒ මුදල් වලින් නෙවෙයි. ඒ ලැබුන මුදල සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ලබලා දීලා ඒ පශූ වෛද්‍ය කාර්යාල හරහා මේ විදිහට සැත්කම් කරන්න. එතකොට රාජ්‍ය ආයතනවල තියෙන ගැටලු ගොඩක්ම අපිට විසඳගන්න පුළුවන්. මෙතන පාලනාධිකාරියට අපි මේ විස්තර තියන පොත් බාර දුන්නා. එතකොට අපිට දැනුම් දුන්නම අපි හැම අවුරුද්දේම මෙහෙම ඇවිල්ලා මේ සත්තුන්ට ජලභීතිකා එන්නත් ලබා දීලා ඒ වගේම වඳ සැත්කම් කරනවා. එතකොට ඇත්තටම මෙතන හොඳට සත්ත්ව ගහණ පාලනයක් තියෙන ආයතනයක්. මේ ආයතනයේ කාර්ය මණ්ඩලය ළමයි හැමෝම එක්ක මේ සත්තුත් හොඳින් ඉන්න බව දැනටත් අපිට පේනවා ඒ බැඳීම අද ඉඳන් ඉතා සවිමත් ආරක්ෂාකාරී බැඳීමක් වේවි”.

සුනඛයන් ගේ ඡායාරූප සහිත පොත්

ඉහත සඳහන් වැඩසටහන නිරීක්ෂණය කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ නියෝජිතයකු ද එක්ව සිටි අතර ඉනුදු මෙම වැඩ සටහන් දාමය සඳහා සාධනීය පිටිවහලක් ලැබෙන බවට පශූ වෛද්‍ය චමිත් නානායක්කාර මහතා විශ්වාසය පළ කළේ ය.මෙම වැඩසටහනේ සාර්ථකතවය සඳහා ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ(පරිපාලන හා මානව සම්පත්)කර්නල් එල්.සී.එස් මුතුකුමාරන,ලුතිනන් කර්නල් කේ.කේ,.පී පුස්සෙවෙල,කපිතාන් ඩබ්ලියු.එම් කේ බණ්ඩාර යන නිලධාරීන් ගෙන් සහ ටී.එම් කේ.ජී බණ්ඩාර,එස්.ඒ එන් සමීර,කේ එස් මහේෂිකා,ඩී.එම්.ඩී.කේ බණ්ඩාර සහ ඩී.එම් ටී මධුමාලක යන මහත්ම මහත්මීන්ගෙන් ද විශිෂ්ට සහයෝගයක් ලැබුණි.එමෙන්ම මෙම වැඩ සටහනේ සම්බන්ධීකරණ කටයුතු කොතලාවල ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය හෘද රෝග විශේෂඥ වෛද්‍ය නාමල් විජයසිංහ මහතා විසින් සිදු කරන ලද අතර ඔහු අහිංසා ශ්‍රී ලංකා සත්ව හිමිකම් සහ සුබසාධක සංවිධානයේ ව්‍යාපෘති හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ද වේ.

සායනයට සම්බන්ධ කර ගත් සියළුම සුනඛයන් සඳහා පොත් සැකසීම

රේණුකා දමයන්ති

එතෙර - මෙතෙර