අපොස සාමාන්‍ය පෙළ විභාගය සමත් වුවත් අසමත් වුවත් එය නොතකා හැදෑරිය හැකි NVQ- 4: මට්ටමේ වෘත්තීය පුහුණු පාඨමාලාවක් පාසල්වල 12 ශේණියට එක් කොට ඇත.මෙය අතිශය ප්‍රශංශනීය පිවරකි. NVQ සහතිකය යනු වෘත්තීය අධ්‍යාපන සුදුසුකම් මත පදනම් ව පිරිනමන සහතිකයකි.”ජාතික නිපුණතා සම්මතය” ප්‍රසිද්ධ ලේඛනයක් වන හෙයින් එක් එක් NVQ සහතිකයට අදාළ දැනුම හා නිපුණතාවය පිළිබඳව අදාල වෘත්තීය ක්ෂේත්‍රයන්ට අදාලව සියලුම සේවා යෝජකයින් දැනුවත් ව ඇත.
මේ තාක් සාම්ප්‍රදායිකව අප රටේ අධ්‍යාපනය ලබා දුන්නේ විෂය කේන්ද්‍රීය වශයෙනි. එහිදී ගණිතය වැනි විෂයන් උසස් පෙළ හැදෑරීම අනිවාර්ය කොට තිබිණි.එක් එක් විෂයන් වටහා ගැනීම සහ තේරුම් ගැනීම එක් එක් පුද්ගලයා උපතින්ම ජාන මගින් උරුම වන බුද්ධි ඵලය ( IQ )මත රඳා පවතී. එම නිසා සමහර සංකල්ප සමහර දරුවන්ට ග්‍රහණය කර ගැනීම ඉතා දුෂ්කර වේ.උදාහරණයක් ලෙස සමහර ගණිත සංකල්ප අවබෝධ කර ගැනීම බුද්ධි ඵලය තරමක් අඩු දරුවන්ට අති දුෂ්කර වේ.නමුත් ඔවුන්ට වෙනත් සෞන්දර්ය විෂයන් මනා ලෙස හදාරා නිපුණත්වය ලබා ගැනීමේ මනා හැකියාවක් ඇත.උදාහරණයක් ලෙස ඩවුන්ස් සින්ඩ්‍රෝමය ( Downs syndrome ) සහිත දරුවන් පවා සෞන්දර්ය හදාරා මහජන සංදර්ශන පවා පසුගිය කාලයේ දී පවත්වනු දක්නට ලැබිණි නමුත් මේ අයට ගණිතය වැනි සංකල්ප ග්‍රහණය කර ගත නොහැක.
සුවිශේෂී ක්ෂේත්‍රයන් 28 ක් සිසුන්ගේ කැමැත්ත පරිදි තමන්ට ග්‍රහණය කර ගත හැකි තමන් ආසා කරන විෂය ක්ෂේත්‍රවලින් තෝරාගැනීමේ හැකියාව මෙම විෂය ධාරාව යටතේ හැදෑරීමේ හැකියාව ලබා දී ඇත.මේ සඳහා සාමාන්‍ය පෙළ කිසිදු විෂයක් අනිවාර්ය නැත.ඉදිරියේ දී අවශ්‍ය නම් ඒ ක්‍ෂේත්‍ර ඔස්සේ උසස් අධ්‍යාපනය ලබා ගැනීමේ හැකියාව ද සිසුනට ලැබෙනු ඇත.
මේ අනුව සුවිශේෂී ක්ෂේත්‍රයන් 28 ක් සිසුන්ගේ කැමැත්ත පරිදි තමන්ට ග්‍රහණය කර ගත හැකි තමන් ආසා කරන විෂය ක්ෂේත්‍රවලින් තෝරාගැනීමේ හැකියාව මෙම විෂය ධාරාව යටතේ හැදෑරීමේ හැකියාව ලබා දී ඇත.මේ සඳහා සාමාන්‍ය පෙළ කිසිදු විෂයක් අනිවාර්ය නැත.ඉදිරියේ දී අවශ්‍ය නම් ඒ ක්‍ෂේත්‍ර ඔස්සේ උසස් අධ්‍යාපනය ලබා ගැනීමේ හැකියාව ද සිසුනට ලැබෙනු ඇත.
අද සියලු දෙනාම අධ්‍යාපනය ලබා ගන්නේ ඒ ඔස්සේ යම් රැකියාවක් ලබා ගැනීමේ අරමුණ ඇතිව ය.නමුත් වර්තමාන ක්‍රමවේදය තුළ එම සීමාවන් පටු වීම සහ ශාස්ත්‍රීය වීම නිසා රැකියාවක් කිරීමට අවශ්‍ය වෘත්තීය පුහුණුව නොලැබීමෙන් බොහෝ දෙනෙකුට සරසවි අධ්‍යාපනයෙන් පසුව පවා රැකියාවක් ලබා ගැනීමට අපහසු වී ඇත.විශේෂයෙන්ම කලා උපාධිධාරින් විශාල ප්‍රමාණයක් නිතිපතා රජයෙන් රැකියා ඉල්ලමින් උද්ඝෝෂණය කරනු දක්නට ඇත.නමුත් අයට ගැලපෙන රැකියා ලබාදීම රජයට සිදු කළ හැක්කක් නොවේ.මක්නිසාද යත් එම ක්ෂේත්‍රයෙන් බිහිවන උපාධිධාරීන් ගණනට සමානව රජයේ සේවයේ රැකියා පුරප්පාඩු ඇති නොවන බැවිනි.පෞද්ගලික අංශයෙන්ද ද වෘත්තීය පුහුණු නොමැති නිසා මේ අය රැකියාවන්ට බඳවා ගැනීමට ඉදිරිපත් නොවේ. විදේශ රැකියාවලට ද මේ අය බඳවා නොගන්නේ ඔවුනට අවශ්‍ය වෘත්තීය පුහුණුව නොමැති බැවිනි ( Soft skill traning) මෙම වෘත්තීය පුහුණු විෂය ධාරාව සෘජුවම වෘත්තීය පුහුණුව ලබාදෙන අතර රැකියා ලබාගැනීමේදී උපාධි සහතිකයට වඩා අනිවාර්යයෙන්ම අනාගතයේදී මෙම NVQ සහතිකය දෙස් විදෙස් පෞද්ගලික ආයතන ආයතන වලින් පිළිගැනීමට ලක් කරනු ඇත.එමෙන්ම NVQ-7යනු උපාධි සහතිකයට සමාන ප්‍රමිති සහතිකයකි.නමුත් එහි විශේෂත්වයක් තිබේ.එනම් එය සෘජු වෘත්තීය අධ්‍යාපන සුදුසු කමක් ද වීම ය.
අනාගතයේ දී පාසල් සිසුන්ද සාමාන්‍ය පෙළ ප්‍රතිඵල කෙතරම් උසස්ව තිබුණද සාම්ප්‍රදායික උසස් අධ්‍යාපනය ලබා ගන්නවා වෙනුවට රැකියා ඉලක්ක කර කරගත් පුහුණුව ලබාදෙන මෙම පාඨමාලාවට එක් වනු නොඅනුමානය.
අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පුරා පැතිර ඇති ටියුෂන් අධ්‍යාපනය නමැති “පිළිලය” ඉවත් කිරීම සඳහා මෙය ඉතා හොඳ අවස්ථාවක් වනු ඇත.මෙහිදී ලබා දෙන්නේ වෘත්තීය නිපුණතා සහතිකයක් බැවින් සාම්ප්‍රදායිකව කට පාඩම් කොට විභාග සමත් වෙන ක්‍රමවේදය ඉවත්ව යනු ඇත. එම නිසා ඒ සඳහා ටියුෂන් පන්ති යාම කිසිසේත්ම අවශ්‍ය නොවනු ඇත.මෙම විෂය ක්ෂේත්‍රයන් හුදෙක් සාමාන්‍ය පෙළ අසමත් අය සඳහා පමණක්ය යන මතය ඉවත් කොට නවීන ලෝකයට රැකියා සඳහා ගැලපෙන සුදුසුම විෂය ධාරාවක් ලෙස පාසල් ළමුන් සහ දෙමාපියන් වෙත හඳුන්වා දී දැනුවත් කිරීම කඩිනමින් සිදුකළ යුතු ය.
දැනට පුහුණුව ලබා දෙන විෂය ක්ෂේත්‍රයන් 28 ඉතාම පුළුල් වපසරියක් තුළ පැතිර ඇති බව දක්නට ඇත. දැන් රජයට කළ යුතුව ඇත්තේ එම විෂයන් ඉගැන්වීම සඳහා දක්ෂ ක්ෂේත්‍රයේ නිපුණත්වයක් ඇති පුද්ගලයන් (සාම්ප්‍රදායික උපාධිධාරින් වීම අවශ්‍ය නොවේ) ගුරුවරුන් ලෙස හෝ දේශකයන් දෙස බඳවාගෙන ඉතා ගුණාත්මක පුහුණුවක් ලබා දී දෙස් විදෙස් රටවල පිළිගනු ලබන සහතිකයක් නිකුත් කිරීමයි.වෙනත් ආයතන වල රැකියාව කරනවා මෙන්ම තමන්ටම ස්වයං රැකියාවක් කිරීමට අවශ්‍ය දැනුමද මේ මගින් ලැබෙන නිසා එවන් රැකියාවන් ඇරඹීමට ද අවශ්‍ය නම් ණය පහසුකම් ඇතුළු වෙළඳපොළ අවස්ථාවන් ලබා දීමට රජයට උපකාර කිරීමේ හැකියාව ඇත.
එපමණක් ද නොව අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පුරා පැතිර ඇති ටියුෂන් අධ්‍යාපනය නමැති “පිළිලය” ඉවත් කිරීම සඳහා මෙය ඉතා හොඳ අවස්ථාවක් වනු ඇත.මෙහිදී ලබා දෙන්නේ වෘත්තීය නිපුණතා සහතිකයක් බැවින් සාම්ප්‍රදායිකව කට පාඩම් කොට විභාග සමත් වෙන ක්‍රමවේදය ඉවත්ව යනු ඇත. එම නිසා ඒ සඳහා ටියුෂන් පන්ති යාම කිසිසේත්ම අවශ්‍ය නොවනු ඇත.මෙම විෂය ක්ෂේත්‍රයන් හුදෙක් සාමාන්‍ය පෙළ අසමත් අය සඳහා පමණක්ය යන මතය ඉවත් කොට නවීන ලෝකයට රැකියා සඳහා ගැලපෙන සුදුසුම විෂය ධාරාවක් ලෙස පාසල් ළමුන් සහ දෙමාපියන් වෙත හඳුන්වා දී දැනුවත් කිරීම කඩිනමින් සිදුකළ යුතු ය.
වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුභසිංහ