2025 වර්ෂයේ දැකගත හැකි විශාලතම උල්කාපාත වර්ෂාව අද (12) මධ්‍යම රාත්‍රියෙන් පසුහෙට අළුයම් යාමයේ දී දැකබලා ගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පවසයි.ඔහු සඳහන් කරනුයේ පර්සියස් තාරුකා රාශි ආශ්‍රිතව සිදුවන බැවින් මෙම උල්කාපාත වර්ශාව පර්සීස් වශයෙන් නම්කර ඇති බවකි.එමෙන්ම මෙම උල්කාපාත වර්ෂාව වඩාත් හොඳින් නිරීක්ෂණය වනුයේ හෙට අළුයම 5ට පමණ උතුරු දිශාවෙන් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. ඒ කාලය තුළ පැයක දී උල්කාපාත 100ක් පමණ දැනගැනීමට හැකියාව ලැබෙන බව ද ගිහාන් වීරසේකර මහතා සඳහන් කරයි.