දෙස් විදෙස් සංචාරකයන්ට ඉමහත් සෙත සලසමින් සති අන්තයේ ඇල්ල වික්එන්ඩ් එක්ස්ප්‍රස් නමින් නව දුම්රිය අද (16) සිට ධාවනයට එක්වෙයි.
ස්වභාවික සෞන්දර්යය විඳගනිමින් කොළඹ සිට බදුල්ල දක්වා දුම්රියෙන් ගමන් කිරීමට දෙස් විදෙස් සංචාරකයන්ගෙන් දැඩි ඉල්ලුමක් පැවතීම හේතුවෙන් ඇල්ල වීක්එන්ඩ් එක්ස්ප්‍රස් නමින් සති අන්තයේ නව දුම්රියක් ධාවනයට පියවර ගෙන තිබේ.
අද (16) සිට සෑම සෙනසුරාදා දිනකම පෙරවරු 5.30ට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා සහ හෙට (17) සිට සෑම ඉරිදා දිනකම පස්වරු 1.45ට බදුල්ලෙන් කොළඹ කොටුව බලා මෙම දුම්රිය ධාවනය කෙරෙන බවයි ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි.