F3 ධාවන පථයට ලාංකිකයෙක් සුදුසුකම් ලබයි

ජාත්‍යන්තර මෝටර් රථ සම්මේලනය (FIA) විසින් සංවිධානය කරන ෆෝමියුලා තරගාවලියක තෙවන අදියර (Formula 3) නියෝජනය කිරීමට සුදුසුකම් ලැබූ පළමු ශ්‍රී ලාංකික රියදුරා බවට පත්වීමට 18 හැවිරිදි වියේ පසුවන යෙවාන් ඩේවිඩ්ට හැකි වී තිබේ.

ඔහු මේ වන විට යුරෝෆෝමියුලා විවෘත ශූරතාවලියට තරගවදින අතර එහිදී මේ දක්වා ජයග්‍රහණ 07ක් හිමිකර ගැනීමට සමත් වී තිබෙන බවයි වාර්තා වෙයි.

එමෙන්ම 2024 වර්ෂයේදී යුරෝකප්-3, ස්පාඤ්ඤ F4 සහ UAE F4 ශූරතාවලි සඳහා ද තරග වැදී තිබේ.

F3 අදියරට උසස්වීම පිළිබඳව අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ තම රටෙන් ශූරතාවලියට තරග කරන පළමු රියදුරු වීම ගැන ආඩම්බර වන බවත්, අවස්ථාව ලැබීම ගැන ද කෘතඥ වන බවයි.

2026 වාරය සඳහා AIX රේසිං සමඟ අත්සන් කිරීමට ලැබීම හේතුවෙන් යොවාන්ට මෙලෙස FIA ෆෝමියුලා 3 තරගාවලියට සහභාගිවීමට අවස්ථාව උදාවී තිබේ.

කාලීන පුවත්