රථවාහන නීති උල්ලංඝනය කිරීම් සඳහා දඩ මුදල් ගෙවීම වෙනුවෙන් හඳුන්වා දී ඇති “GovPay” යෙදුම හරහා 2025 දී රියදුරන් 40,000 කට වැඩි පිරිසක් දඩ මුදල් ගෙවා ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව, “GovPay” යෙදුම හරහා රියදුරන් 46,635 දෙනෙකු දඩ මුදල ගෙවා ඇති බවයි පොලිසිය පවසයි.
ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය, ICTA ආයතනය සහ Lanka pay ආයතනය එක්වයි Gov pay මාර්ගගත ගෙවීමේ ක්‍රමය හඳුන්වා දී තිබේ.
දඩ මුදල Online (මාර්ගගතව) ගෙවූ පසු එම අවස්ථාවේදීම ඔබට රියදුරු බලපත්‍රය ලබාගත හැකියි.
අවශ්‍යනම් පසුව අවස්ථාවක ගෙවීම සඳහා https://govpay.lk/si/spot-fine උපදෙස් පරිශීලනය කරමින් කටයුතු කළ හැකියි බවයි ශ්‍රී ලංකා පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.