IMF කළ­ම­නා­කාර අධ්‍ය­ක්ෂිකා ක්‍රිස්ට­ලීනා ජෝර්ජි­යාවා අද දිවයිනට

දෙදින නිල සංචා­ර­යක් සඳහා ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ කළ­ම­නා­කාර අධ්‍ය­ක්ෂිකා ක්‍රිස්ට­ලීනා ජෝර්ජි­යාවා මහ­ත්මිය අද (16) ශ්‍රී ලංකා­වට පැමිණීමට නිය­මි­තයි.

එළැ­ඹෙන 18 වැනිදා තෙක් මෙරට රැඳී සිටින ඒ මහ­ත්මිය සිය සංචා­රය අත­ර­තුර රජයේ ඉහළ පෙළේ නියෝ­ජි­ත­යන් හමුවී සාකච්ඡා කිරී­මට ද නිය­මි­තයි.ඇයගේ සංචාරය අතරතුර රජයේ බලධාරීන් මෙන්ම ප්‍රධාන පාර්ශවකරුවන් හමුවීමට නියමිතයි.

දිට්වා සුළි කුණාටුවෙන් මෙරටට සිදුවු බලපෑම පිළිබද සෘජුවම නිරීක්ෂණය කිරීමට ද සැලසුම් කර තිබේ.ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත්කිරිමේ කටයුතු සඳහා සහාය විය හැකි ක්‍රම මෙන්ම සියලු ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් වඩාත් ශක්තිමත් අනාගතයක් ගොඩනගා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දායක විය හැකි ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ද නියමිතයි.

කාලීන පුවත්