ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ශ්‍රී ලංකාවට ලබාදීමට එකඟ වූ එක්සත් ජනපද ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පහසුකමේ සිවුවැනි වාරිකය මෙරටට නිදහස් කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය මඟින් ශ්‍රී ලංකාව සඳහා වන මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) විධිවිධානය යටතේ සිවුවන සමාලෝචනය සම්පූර්ණ කර ඇත.
මේ යටතේ ශ්‍රී ලංකාවට එක්සත් ජනපද ඩොලර් මිලියන 350ක පමණ මුදලක් හිමිවනු ඇත. මේ සමඟම මෙම විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ දී ඇති මුළු මූල්‍යාධාර ප්‍රමාණය ඩොලර් බිලියන 1.74ක් දක්වා ඉහළ ගොස් ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා මේ බව සඳහන් කර සිටියේය.