IMF සිවුවැනි වාරි­ක­යට අනු­මැ­තිය

ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල මඟින් ශ්‍රී ලංකා­වට ලබා­දී­මට එකඟ වූ එක්සත් ජන­පද ඩොලර් බිලි­යන 2.9ක විස්තීර්ණ ණය පහ­සු­කමේ සිවුවැනි වාරි­කය මෙර­ටට නිද­හස් කිරී­මට තීර­ණය කර තිබේ.

ඒ අනුව ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ විධා­යක මණ්ඩ­ලය මඟින් ශ්‍රී ලංකාව සඳහා වන මාස 48ක විස්තීර්ණ අර­මු­දල් පහ­සු­කම (EFF) විධි­වි­ධා­නය යටතේ සිවුවන සමා­ලෝ­ච­නය සම්පූර්ණ කර ඇත.

මේ යටතේ ශ්‍රී ලංකා­වට එක්සත් ජන­පද ඩොලර් මිලි­යන 350ක පමණ මුද­ලක් හිමි­වනු ඇත. මේ සම­ඟම මෙම විස්තීර්ණ ණය පහ­සු­කම් වැඩ­ස­ට­හන යටතේ දී ඇති මුළු මූල්‍යා­ධාර ප්‍රමා­ණය ඩොලර් බිලි­යන 1.74ක් දක්වා ඉහළ ගොස් ඇත. ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැප­ජෝ­ජියෝ මහතා මේ බව සඳ­හන් කර සිටි­යේය.

කාලීන පුවත්