VAT අයදුම්පත් E සේවාව හරහා පමණයි

එකතු කළ අගය මත බදු (VAT) තාවකාලික/ස්ථිර ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කරනු ලබන සියලුම අයදුම්පත් මෙම මස 01 වැනි දින සිට භාරගනු ලබන්නේ ‘ඊ සේවාව’ හරහා පමණක් බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

එකතු කළ අගය මත බදු (VAT) සඳහා ලියාපදිංචි වීමට ලිඛිතව භාර දෙනු ලබන කිසිදු අයදුම්පතක් අගෝස්තු මස 31 වැනි දිනෙන් පසුව භාරගනු නොලබන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

තවද, එකතු කළ අගය මත බදු (VAT) සඳහා තාවකාලික ස්ථිර ලියාපදිංචි අපේක්ෂා කරන තැනැත්තකු ලියාපදිංචි වීමේ ක්‍රියාවලිය මාර්ගගත ලෙස සම්පූර්ණ කළ යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

‘ඊ – සේවාව’ භාවිත කිරීම සම්බන්ධයෙන් හා ඊට සම්බන්ධ වෙන යම් සහායක් ලබාගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශ ලබාගැනීමට කරුණාකර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් ලබා ගත හැකියි.

නැතහොත් 1944 ඔස්සේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඇමතුම් මධ්‍යස්ථානය අමතා වැඩි විස්තර ලබාගත හැකි බවයි දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ආර්.පී.එම්. ප්‍රනාන්දු මහත්මිය සඳහන් කරයි.

කාලීන පුවත්