අද පැය 22ක ජල කප්පාදුවක්

මහනුවර ප්‍රදේශ කිහිපයකට අද (08) සිට පැය 22ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්.

මෙම ජල කප්පාදුව හෙට (08) පෙරවරු 6.00 සිට හෙට (09) සඳුදා පෙරවරු 4.00 දක්වා ක්‍රියාත්මක වන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව අස්ගිරිය (නගර සභා බලප්‍රදේශය) වේගිරිය සහ පල්ලෙමුල්ල (නව සහ පැරණි), යටිහලගල, කොණ්ඩදෙණිය, රජපිහිල්ල සේවා ජලාශය මැදවල (පැරණි සහ නව) සේවා ජලාශයන්ට අයත් ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි වාර්තා වෙයි.

එමෙන්ම කහවත්ත, කුරුගොඩ, බුලුගොහොතැන්න, ගිරාකඩුව, කහල්ල, තෙළඹු ගහවත්ත, නුගවෙල, බලනගල, ගලගෙදර සහ මාවතගම යන ප්‍රදේශ සඳහා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

කාලීන පුවත්