
අපේ රට වේගවත් සංවර්ධනයක් වෙත පියමං කරමින් තිබෙන බවත්, එහි සියලු ප්‍රතිලාභ නියත ලෙසම මේ රටේ පොදු ජනතාවට හිමි වන බවත් පෙර පැවැති ආණ්ඩුවල මෙන්ම වත්මන් ආණ්ඩුවේ වගකිවයුත්තන් ද ඉවක් බවක් නොමැතිව පවසති. එහෙත් මේ වන විට අප රටේ බහුතරය තුළ ඒ සම්බන්ධ විශ්වාසය පළුදු වෙමින් පවතින බව ඉතා පැහැදිලි ය. මේ සම්බන්ධ සැබෑම තත්ත්වය ගතහොත් ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය තුළ, ආර්ථික පීඩනය කුටුම්බයන් හෙවත් පවුල් ඒකක මත අඛණ්ඩව පැවතීම හේතුවෙන් බොහෝ ජනතාවක් තම මූල්‍ය අනාගතය පිළිබඳ සැබෑ බියකින් පසුවෙති. දශක ගණනාවක ගැඹුරුම අර්බුදයෙන් පසු ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමට පටන් ගෙන ඇති බව නිල සංඛ්‍යාලේඛන මගින් පෙන්වා දුන්න ද, මිලියන ගණනක් ශ්‍රී ලාංකිකයන්ට සිය අනාගතය පිළිබඳ ඇත්තේ අවිනිශ්චිත භාවයක් සහ අනාරක්ෂිත බවක් යැයි පෙනෙන්නට තිබේ. ඒ අතරේ බොහෝ ආර්ථික විශ්ලේෂකයන්ගේ මතය වී ඇත්තේ රට නව සමෘද්ධිමත් ව්‍යවසායක පන්තියක් සහ ධනවත් පන්තියක් නිර්මාණය කරනවා වෙනුවට, දිගු කාලීන මූල්‍ය අරගලයකට සහ අස්ථාවරත්වයට මුහුණ දෙන නව දරිද්‍රතා හෙවත් දිළිඳු පන්තියක් ඉස්මතු වෙමින් පවතින බව ය. මෙය අප ඉතා බැරෑරුම් අයුරින් සිත තබාගත යුත්තකි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත අනුව, ආර්ථිකය යළි වර්ධනය වෙමින් පවතින බව පෙන්නුම් කළ ද, දත්තවලින් ඔබ්බට අවධානය යොමු කොට බැලුවහොත් එය තුළ සැබෑ වර්ධනයක් නොමැති බව පෙනෙන්නට තිබේ. මහ බැංකුවේ ආර්ථික දර්ශක පෙන්වා දෙන්නේ වසර ගණනාවක පසුබෑමකින් පසු, 2025 වසරේ ආර්ථික වර්ධනය සියයට 4.4ක සාමාන්‍ය වර්ධනයක් අත්පත් කරගෙන ඇති බව ය. නිල සංඛ්‍යාලේඛන මගින් උද්ධමනය සියයට 7.1ක් ලෙස වාර්තා කරන අතර, එය සාමාන්‍ය පාරිභෝගිකයන්ට ඉතා දුෂ්කර තත්ත්වයක් ඇති කරයි. රැකියා වියුක්ති අනුපාතය සියයට 4.4ක් ලෙස අඩු අගයක් පෙන්වුවද, මෙම සංඛ්‍යාව තුළ, වැටුප් එක තැන පල්වීම, ඌන රැකියා නියුක්තිය (Under-Employment) සහ ස්ථාවර රැකියා නොමැතිකම හේතුවෙන් ශ්‍රම බලකායෙන් ඉවත් වන සේවකයින් ඇතුළු ශ්‍රම වෙළඳපොළේ පවතින ගැඹුරු ගැටලු නිරූපණය වන්නේ නැත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත අනුව, ආර්ථිකය යළි වර්ධනය වෙමින් පවතින බව පෙන්නුම් කළ ද, දත්තවලින් ඔබ්බට අවධානය යොමු කොට බැලුවහොත් එය තුළ සැබෑ වර්ධනයක් නොමැති බව පෙනෙන්නට තිබේ. මහ බැංකුවේ ආර්ථික දර්ශක පෙන්වා දෙන්නේ වසර ගණනාවක පසුබෑමකින් පසු, 2025 වසරේ ආර්ථික වර්ධනය සියයට 4.4ක සාමාන්‍ය වර්ධනයක් අත්පත් කරගෙන ඇති බව ය. නිල සංඛ්‍යාලේඛන මගින් උද්ධමනය සියයට 7.1ක් ලෙස වාර්තා කරන අතර, එය සාමාන්‍ය පාරිභෝගිකයන්ට ඉතා දුෂ්කර තත්ත්වයක් ඇති කරයි. රැකියා වියුක්ති අනුපාතය සියයට 4.4ක් ලෙස අඩු අගයක් පෙන්වුවද, මෙම සංඛ්‍යාව තුළ, වැටුප් එක තැන පල්වීම, ඌන රැකියා නියුක්තිය (Under-Employment) සහ ස්ථාවර රැකියා නොමැතිකම හේතුවෙන් ශ්‍රම බලකායෙන් ඉවත් වන සේවකයින් ඇතුළු ශ්‍රම වෙළඳපොළේ පවතින ගැඹුරු ගැටලු නිරූපණය වන්නේ නැත. මේ අතර, ඒක පුද්ගල ආදායම රුපියල් 558,363ක් වන නමුත්, ආහාර සහ ඉන්ධන වැනි අත්‍යවශ්‍ය භාණ්ඩවල පිරිවැය ඉහළ යාම හේතුවෙන් මෙම අගය බොහෝ පවුල්වල ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමට හේතු වී නොමැති බව මහ බැංකු වාර්තාව මගින් පෙන්වා දෙයි.
ප්‍රධාන ආර්ථික දත්ත යම් යථා තත්ත්වයට පත්වීමක් පෙන්වුවද, රට පුරා දරිද්‍රතාවය කැපී පෙනෙන තරම් ඉහළ මට්ටමක පවතී. ලෝක බැංකුව වැනි බහුපාර්ශ්වික ආයතන ඇස්තමේන්තු කරන්නේ, 2024 වසරේ ශ්‍රී ලංකාවේ දරිද්‍රතා අනුපාතය සියයට 24.5ක් පමණ වූ බවයි. එනම්, සෑම ශ්‍රී ලාංකිකයන් හතර දෙනෙකුගෙන් එක් අයෙක් පමණ දිනකට ඇමරිකානු ඩොලර් 3.65කින් දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වන බව ය. මෙම අනුපාතය, ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ආරම්භ වන්නට පෙර, එනම් 2019 වසරේ වාර්තා වූ සියයට 11.3ක අගයට සාපේක්ෂව දෙගුණයකට ආසන්න මට්ටමකි. වර්ධනය යළි ආරම්භ වූ පසු වුවද, ගෘහස්ථ ආදායම, අර්බුදයට පෙර පැවති මට්ටමට වඩා සැලකිය යුතු ලෙස අඩු මට්ටමක් පෙන්නුම් කරන අතර, මිලියන ගණනක් පවුල් තවමත් ආහාර, නිවාස සහ අධ්‍යාපනය වැනි මූලික අවශ්‍යතා සපුරා ගැනීමට මහත් අරගලයක යෙදෙමින් සිටින බව පෙනෙන්නට තිබේ. අද වන විට සාමාන්‍ය ජනතාව අතුරින් ඉහත සඳහන් ආකාරයේ “අඬෝවැඩියාවන්” මතු වීමට හේතුව එයයි.

ශ්‍රී ලංකාවේ දරිද්‍රතා විශ්ලේෂණ මධ්‍යස්ථානය (CEPA) විසින් සිදු කරන ලද ස්වාධීන පර්යේෂණවලින් සොයාගෙන ඇත්තේ, ආදායම සහ ජීවන තත්ත්වය යන දෙකෙහිම එකතුවක් ලෙස මනින විට, 2024 වසර අවසානයේ දී පවුල් ඒකකවලින් සියයට 45 සිට 52 දක්වා ප්‍රමාණයක් දරිද්‍රතා රේඛාවට පහළින් පැවති බවයි. මෙය පෙන්නුම් කරන්නේ නිල දරිද්‍රතා අනුපාතය මගින් සැබෑ ආර්ථික දුෂ්කරතා අත්විඳින පවුල් සංඛ්‍යාව යථා පරිදි නිරූපණය නොකරන බව ය.
ආර්ථිකය වර්ධනය වුවද, එහි ප්‍රතිලාභ පුළුල් ලෙස බෙදී නොයෑම හේතුවෙන් සාමාන්‍ය ශ්‍රී ලාංකිකයන්ගේ අනාගතය පිළිබඳ හැඟීම අවිනිශ්චිත වී තිබේ. අර්බුදකාරී වසරවල දී උද්ධමනයට සාපේක්ෂව රාජ්‍ය සහ පුද්ගලික අංශවල මූර්ත වැටුප් තියුණු ලෙස පහත වැටී ඇති අතර, 2021 සහ 2024 අතර මෙය සියයට 17 සිට 22 දක්වා හැකිලී තිබේ. ලෝක බැංකු විශ්ලේෂණයන්ට අනුව පෙනී යන්නේ, ශ්‍රී ලංකාවේ බොහෝ පවුල්වල මිලදී ගැනීමේ හැකියාව (ක්‍රයශක්තිය) අඩුවී ඇති බව සහ ආදායමේ යම්කිසි වැඩිවීමක් සිදු වුවත්, එය ජීවන වියදම සමඟ තරග කිරීමට තරම් ප්‍රමාණවත් නොවන බව ය. මෙය මේ වන විට වේගයෙන් ප්‍රසාරණය වෙමින් පවතින ශ්‍රී ලාංකේය මධ්‍යම පන්තිය මුහුණපාන ප්‍රධාන ජීවන අර්බුදයයි.
එමෙන්ම මේ වන විට දැඩිව බලපවත්වන ආහාර අනාරක්ෂිතභාවය තවත් ගැටලුවකි. ලෝක බැංකුව සඳහන් කරන්නේ 2021 සහ 2024 අතර ආහාර මිල දෙගුණයකටත් වඩා වැඩි වී ඇති බවත්, එමගින් බොහෝ පවුල්වලට පෝෂ්‍යදායී ආහාර කපා හැරීමට සිදුව ඇති බවත් ය. එහි ප්‍රතිඵලයක් ලෙස, කුඩා ළමුන් අතර අඩු බර සහ මන්දපෝෂණය යන අනුපාත ඉහළ ගොස් තිබේ. මෙය සෞඛ්‍යය හා මානව සංවර්ධනය සඳහා දිගු කාලීන බලපෑම් ඇති කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත මගින් ආර්ථිකය හැකිළීම නතර වී සාමාන්‍ය වර්ධනයක් වාර්තා කරන බව පෙන්වා දුන්නද, බොහෝ පවුල්වල පවතින සැබෑ තත්ත්වය වන්නේ අඛණ්ඩ දුෂ්කරතාව සහ අවිනිශ්චිතතාවයි. ඒ බව සමාජයේ බිම් මට්ටම පරීක්ෂා කරන විට මනාව පෙනී යනු ඇත. නමුත් මෙවන් තත්ත්වයන් හමුවේ ලොව බොහෝ රටවල්වල සමාජ විද්‍යාඥයන් විසින් ඒ සම්බන්ධ විශ්ලේෂණ ඉදිරිපත් කරන අතරේ අප සමාජය තුළින් එවැනි සලකුණක් වත් ඉස්මතු නොවීම වෙනම ඛේදවාචකයකි.
නව දරිද්‍රතා පන්තියක් මතු වෙමින් පවතින බවට බොහෝ දෙනා විශ්වාස කිරීමට ශ්‍රම වෙළඳපොළ තවදුරටත් හේතු සපයයි. නිල රැකියා වියුක්ති අනුපාතය අඩු මට්ටමක පැවතුණද, බොහෝ විට ඇත්තේ අස්ථාවර රැකියා, ඌන රැකියා නියුක්තිය සහ නිසි ආදායමක් ලබාගැනීමට නොහැකි වන රැකියා තත්ත්වයන් බව පෙනෙන්නට තිබේ. බොහෝ දෙනෙක් අර්ධ කාලීන හෝ අවිධිමත් රැකියාවලට යොමු වී ඇති අතර, සැලකිය යුතු ශ්‍රම බලකායක් වඩා හොඳ අවස්ථා සොයා විදේශගත වී ඇත. මෙම “බුද්ධි ගලනය” (Brain Drain) සහ ශ්‍රම සංක්‍රමණය දේශීය ආර්ථිකයට ලැබිය යුතු දායකත්වය අඩු කරන අතර රට තුළ ඉතිරි වන්නේ කාර්යක්ෂම ශ්‍රම බලකායෙන් සීමිත ප්‍රමාණයක් පමණි. ආර්ථිකයක් දියුණු වන්නට තරම් එය ප්‍රමාණවත් නොවන බැවින් අවසානයේ එය නැවත දරිද්‍රතා පන්තියක් ඇති වීම කෙරෙහි හේතු සාධක සපයයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත මගින් ආර්ථිකය හැකිළීම නතර වී සාමාන්‍ය වර්ධනයක් වාර්තා කරන බව පෙන්වා දුන්නද, බොහෝ පවුල්වල පවතින සැබෑ තත්ත්වය වන්නේ අඛණ්ඩ දුෂ්කරතාව සහ අවිනිශ්චිතතාවයි. ඒ බව සමාජයේ බිම් මට්ටම පරීක්ෂා කරන විට මනාව පෙනී යනු ඇත. නමුත් මෙවන් තත්ත්වයන් හමුවේ ලොව බොහෝ රටවල්වල සමාජ විද්‍යාඥයන් විසින් ඒ සම්බන්ධ විශ්ලේෂණ ඉදිරිපත් කරන අතරේ අප සමාජය තුළින් එවැනි සලකුණක් වත් ඉස්මතු නොවීම වෙනම ඛේදවාචකයකි.
නිල සහ ස්වාධීන සංඛ්‍යාලේඛන මගින් ඉහළ දරිද්‍රතා අනුපාත, සැබෑ ආදායම් අඩු වීම, ආහාර අනාරක්ෂිතභාවය සහ ශ්‍රම වෙළඳපොළේ දුර්වලතාව පෙන්නුම් කරයි. මෙම ප්‍රවණතා නව දුප්පත් පන්තියක් මතු වීම කෙරෙහි දැඩි ලෙස හේතු වී තිබේ. අවදානමට ලක් වූ පවුල් ආරක්ෂා කිරීමට, ඉහළ වැටුප් සහිත රැකියා නිර්මාණය කිරීමට සහ සුළු ව්‍යාපාර හා ග්‍රාමීය ආර්ථිකයන්ට දායක වීමට හැකියාව ඇති කරන ප්‍රතිපත්තිමය පියවර නොගතහොත්, ප්‍රතිලාභ ලබන ස්වල්ප දෙනා සහ අරගල කරන බොහෝ දෙනා අතර පරතරය තවදුරටත් පුළුල් වීමට ඉඩ ඇත. එවිට සිදුවන්නේ ආර්ථිකය යහපත් වී බහුතර ජනතාවකගේ ජීවන තත්ත්වය වර්ධනය වේ යැයි සාමාන්‍ය ජනතාව තුළ පවතින අපේක්ෂාව තව තවත් ඈත් ව යාමය. එය ශ්‍රී ලාංකේය සමාජය ගැඹුරු මූල්‍ය අවිනිශ්චිතතාවක් කරා සෙමින් ගමන් කිරීමකි. එනම් අවසානය වන්නේ මෙතෙක් නොපැවති නව දරිද්‍රතා පන්තියක මතුවීමකි. ඒ අනුව හුදු අගතිගාමී දේශපාලන කෝණවලින් තොරව විචක්ෂණ බුද්ධියෙන් යුතුව අනාගතයේ අප රටින් නව දිළිඳු පැළැන්තියක් බිහිවීමේ මෙම අවදානම තේරුම් ගැනීම ඉතා වැදගත් කාරියකි.
නිරංජන් චාමින්ද කරුණාතිලක