මට දෙදහස් විසි පහේ අප්‍රියෙල් පස් වෙනි සෙනසුරාදා හවස් වරුව අම්පාරේ ගත කරන්නට සිදු විය.ඒ වසර තිස් අටක් තිස්සේ අම්පාරේ මහජනතාවගේ නියෝජිතයා ලෙසත් ඊටත් පෙර අම්පාරේ ගල්ඔය සංවර්ධන මණ්ඩලයේ නිලධාරියෙකු ලෙසත් එම පළාතට ඉමහත් මෙහෙවරක් සිදු කළ මෙරට ජ්‍යෙෂ්ටතම දේශපාලන නායකයෙකු වූ පී .දයාරත්නයන් විසින් රචනා කරන ලද “දිගාමඩුල්ලේ අඩ සියවසක මගේ ගමන “නම් වූ කෘතිය ජනගත කිරීමේ උත්සවයට සහභාගී වීම සඳහා ය. එම උත්සවයේ විශේෂ ආරාධිතයා ලෙස සහභාගී වන ලෙස මට ඇරයුම් කරනු ලැබුවේ පී දයාරත්නයන් විසින්ම ය. වසර පනහක් තිස්සේ දිගාමඩුල්ලේ ජනතාව සමග තමන් කටයුතු කළ අන්දමත් ඒ සඳහා තමන්ට අවස්ථාව ලැබුණු අන්දමත් ඒ ක්‍රියාත්මක භාවය තුළින් තමන් ලැබූ අත්දැකීම් .මතු පරපුරේ ප්‍රයෝජනය උදෙසා ජනගත කිරීමටත් පොතක් රචනා කළ බවත් එය අම්පාරේ දී ජනගත කරන අවස්ථාවට සහභාගි විය හැකිද? යන්නත් දයාරත්නයන් සිය සුපුරුදු මෘදු කාරුණික ස්වරයෙන් මගෙන් විමසුවේ දුරකතනයෙනි. දේශපාලකයන් ගැන වෙනත් අය ලියූ චරිතාපදාන, ප්රශස්ති වර්ණනා,රස කතා ආදිය බොහෝ පරිශීලනය කර ඇති මා තුළ මේ පොත පිළිබඳව මහත් උනන්දුවක් ඇති වූයේ වෘත්තිකයෙකු ලෙස අම්පාරට පැමිණ අත් කර ගත් ජනතා ප්‍රසාදය මත දේශපාලකයෙකු බවට පත්වී පුළුල් මෙහෙවරක් කළ ජන නායකයෙකු ලෙස සිය කාර්ය නිමා කර ඉසිඹු ලන පී.දයාරත්න නම් මේ පරිණත චරිතය දිගාමඩුල්ල ඉටු කළ විසල් භූමිකාවන් තුළින් ලැබූ අත්දකීම් සම්භාරය දැන ගැනීම සඳහා වූ කුතුහලය නිසාම ය.
වැදගත් කතා රැසක් අවසානයේ උත්සව සභාව ඇමතීම සඳහා මිනිත්තු පහලොවක කාලයකට ඇරයුම ලැබුණේ මට ය.අන් කාටත් ලැබුණේ මිනිත්තු දහයක් නිසා එහිදී ද මට විශේෂ සැලකිල්ලක් ලැබුණත් පී දයාරත්න බඳු දුලබ චරිතයක් පිළිබඳව කතාවක් සඳහා ඒ කාලය අලගු තියන්න වත් ප්‍රමාණවත් වුණේ නැත. ඒ නිසා ගැමුණු කුමරා උණු බත් කෑවක් මෙන් එහෙන් මෙහෙන් කරුණු අවුස්සමින් දයාරත්නයන් ගැන කරන්නට සිදු වූ කතාව මගේ හිතට ප්‍රමාණවත් වුණේ නැත.ඒ නිසා එදා මට එතන කියාගන්න බැරි වූ කතාව මම අද මෙතන සටහන් කරමි.
එනිසා මම එතුමාගේ පොත ජනගත කිරීමට එන්නෙමැයි දෙවරක් නොසිතාම සපථ කළෙමි.පසුව එම ඇරයුම් පත තැපෑලෙන් මා වෙත යොමු කළ දයාරත්නයන් ඉකුත් මාර්තු මස අග දී යළිත් දුරකතනයෙන් ඒ උත්සවය ගැන මට සිහිපත් කර ඒ සඳහා පැමිණෙන මා සඳහා නවාතැන් පහසුකම් සැපයීම සම්බන්ධයෙන් ද විමසුම් කළේය. මා අම්පාරේ යන විට ඒ නගරයේ ජීවත්වෙන මගේ ඥාතියෙකුගේ නිවසේ සිරිතක් ලෙස මට නවාතැන් සැපයෙන බැවින් ඒ පිළිබඳ කරදර,නොවන ලෙස මම දයාරත්නයනට පිළිතුරු දුන්නෙමි.අවසානයේ ඉකුත් අප්‍රියෙල් පස් වන දින අම්පාරේ “මින්දද “උත්සව ශාලාවට රැස්වූ පී. දයාරත්න නම් වූ ජ්‍යෙෂ්ට ජනතා නායකයාගේ “දිගාමඩුල්ල අඩසිය වසක මගේ ගමන” නම් වූ කෘතිය ජනගත කිරීමේ උත්සවයේ විශේෂ ආරාධිතයා බවට පත්වීමේ දුලබ අවස්ථාව මට හිමි විය. වැදගත් කතා රැසක් අවසානයේ උත්සව සභාව ඇමතීම සඳහා මිනිත්තු පහලොවක කාලයකට ඇරයුම ලැබුණේ මට ය.අන් කාටත් ලැබුණේ මිනිත්තු දහයක් නිසා එහිදී ද මට විශේෂ සැලකිල්ලක් ලැබුණත් පී දයාරත්න බඳු දුලබ චරිතයක් පිළිබඳව කතාවක් සඳහා ඒ කාලය අලගු තියන්න වත් ප්‍රමාණවත් වුණේ නැත. ඒ නිසා ගැමුණු කුමරා උණු බත් කෑවක් මෙන් එහෙන් මෙහෙන් කරුණු අවුස්සමින් දයාරත්නයන් ගැන කරන්නට සිදු වූ කතාව මගේ හිතට ප්‍රමාණවත් වුණේ නැත.ඒ නිසා එදා මට එතන කියාගන්න බැරි වූ කතාව මම අද මෙතන සටහන් කරමි.
අප අද සහභාගී වෙමින් සිටින්නේ පී දයාරත්න නම් කෘතහස්ත ජන නායකයා වසර පනහක් තිස්සේ ඓතිහාසික දිගාමඬුල්ල සමග ගත කළ ආකරය කියවෙන එතුමා විසින්ම රචනා කළ අපූරු දුර්ලභ ඓතිහාසික ග්රන්ථයක් දිගාමඩුලු ජනතාවට එළි දක්වනු ලබන අවස්ථාවටයි.වෘත්තිකයෙකු ලෙස සේවාව සැපයීමට දිගාමඩුල්ලට පැමිණ ජනතා ඉල්ලීම මත දේශපාලකයෙකු බවටත් මහජන නියෝජිතයෙකු ලෙස තේරී පත්වී ජන නායකයෙකු ලෙසත් අති විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ පී දයාරත්නයන් සිය දිගාමඩුලු මෙහෙවර පිළිබඳව සිදු කරන සිංහාවලෝකනය අතිශය වැදගත් ග්රන්ථයකි.එසේ වන්නේ මෙරට දේශපාලකයන් තම අත්දැකීම් ග්රන්ථාරූඩ කිරීම අතිශය දුර්ලබ අවස්ථාවක් නිසා ය.දේශපාලන නායකයන් ගේ අත්දැකීම් බොහෝ විට අපට කියවන්නට සිදුව ඇත්තේ වෙනත් පාර්ශවයක රවනා ලෙස මිස ස්වයං ලිඛිත රචනා ලෙස නොවේ.ඒනිසාම දයාරත්නයන් සිදු කළ මේ ග්රන්ථ රචනයම අතිශය උත්කෘෂ්ට ක්‍රියාවක් සේ සැලකිය හැකිය.මේ සභාවේ රැස්ව සිටින සෑම දෙනෙක්ම පාහේ මේ අඩ සියවසක දයාරත්නයන්ගේ දිගාමඩුල්ලේ ගමනට කවර අන්දමකින් හෝ සම්බන්ධ වූවන් බව මගේ වැටහීම ය.මේ අදහස් දක්වන මා හටත් ඔය අඩ සියවසෙන් වසර පහලොවක කාලයක් උප දිසාපති වරයෙකු ලෙස ප්‍රාදේශීය ලේකම්වරයෙකු ලෙස හා දිසාපති වරයෙකු ලෙස ඒ ගමනට සම්බන්ධ වීමට හැකි විය.එසේ ප්‍රාදේශීය ලේකම් වරයෙකු ලෙස එතුමාගේ ගමනට සම්බන්ධ වූ වසර පහකින් වසර තුනක පමණ කාලයක් තුළ එතුමාත් මමත් උණුසුම් ලෙස වාද විවාද කරගත් නැතහොත් “ඇවිළුණු” බව ද අද මෙතන සිටින බොහෝ දෙනෙකු දන්නා දෙයකි.පී දයාරත්නයන්ගේ මේ වසර පනහක ගමනේ දී ඔහුගෙන් පිළිබිඹු කෙරුණු සුවිශේෂීම ගුණාංගයක් ගැන සාක්කියක් දෙන්නට සිටින හොඳම සාක්කිකරුවා මම බව මම විශ්වාස කරමි.මට මේ උත්සවයට විශේෂ ආරාධිතයා ලෙස ඇරයුම් කිරීමෙන්ම එතුමා ද එසේම සිතන බව මට පැහැදිලි ය. ඒ ගුණාංගය නම් කිසිවෙකු සමග කවර කරුණක් නිසා වුවද අමනාප නොවී කේන්ති නොගෙන සිටින්නට ඇති භැකියාවයි.එය උතුම් මිනිස් ගුණයකි. සාමාන්‍යයෙන් අප බොහෝ දෙනෙකුට තමන්ව විවේචනය කිරීම අසා ගෙන සිටීම අසීරු ය.අසීරුවෙන් අසා සිටියොත් කේන්ති යාම අනිවාර්ය වේ.කේන්ති ගියොත් එය නොපෙන්වා සිටීම ඊටත් අසීරු ය. කේන්තිය පෙන්වීම සඳහා මිනිසුන් යොදා ගන්නා වචන බොහෝ විට සැර පරුෂය, කර්කශය. ඇතැම් විට අසභ්‍ය ය.දයාරත්න මැතිතුමා සිටින රැස්වීමකදී මා එතුමාගේ මතයක් නිර්දය විවේචනයට ලක් කළත් එතුමා එය සාවධානව අසා සිටියි. එතුමාට කේන්ති නොයනවාද? කේන්ති ගොස් නොපෙන්වා සිටිනවාදැයි දන්නේ එතුමාම විතර ය.විවේචනයට එතුමා පිළිතුරු දෙන ස්වරය මඳක් වේගවත් වුණත් කිසිදා කර්කෂ අපහාසාත්මක අයෝග්‍ය වචන කිසිවක් භාවිතා නොකරයි.එතුමා විවේචනයට පිළිතුරු දෙන්නෙත් සුමුදු සුමට වචනවලිනි.එතුමාට හිසරදයක් වන අන්දමටම දිනක් රැස්වීමක දී මා කතා කළ නිසාදෝ එතුමා එදා මා ගැන ප්‍රතිචාර දැක්වූයේ “හරිම හිතුවක්කාරයෙක්නෙ “කියා ය. ඒ එතුමා මා ගැන හැඳින්වීමට මෙතෙක් යොදාගත් බරපතලම වචනයයි.මට එය කිසිදු ගාණක් නොවූයේ මගේ පියා ද මාව දහස් වාරයක් හඳුන්වා ඇති නිසා ය.බලය සිය`තට ගෙන සිටියදීත් දයාරත්න මහතා හැර මේ තරම් ඉවසීමක් ප්‍රගුණ කර ඇති කිසිවෙකු ගැන මම නොදන්නා බව අවංකව කිව හැකි ය.
මේ පොතේ නමෙන්ම ගමන් දෙකක් ගැන ඇඟවෙයි.ඒ දයාරත්න මහතාගේ වසර පනහක දිගාමඩුල්ලේ ගමන හා දිගාමඩුල්ල සිය වසර දහස් ගණනක ශිෂ්ටාචාර ගමනේදී පී දයාරත්නයන් හා පසු කළ ගමන යන ගමන් දෙකයි.දයාරත්න මහතාගේ ගමන ගැන හොඳින්ම දන්නා පිරිසකට ඒ ගැනම පුන පුනා කීම තේරුමක් නැත.එනිසා මම දැන් උත්සාහ ගන්නේ දයාරත්නයන් සමග දිගාමඩුල්ල සිය ශිෂ්ටාචාර ගමනේ යෙදීම ගැන යම් අදහසක් පළ කිරීමටයි. දිගාමඩුල්ල අපේ ඉතිහාසයේ දීර්ඝ උරුමයක්.මෙහි මුල්ම පාලකයා ලෙස දීඝාභය නම් භද්ද කච්චායනා බිසවගේ සොයුරෙකු බව පැවසේ. ඔහු විසින් දිගාමඩුලු ජනපදය බිහි කළ බව ද පැවසේ. ඉන් පසු වාර්තා වන පාලකයා කාවන්තිස්ස සමයේ සිට දුටුගැමුණු මහ රජු මියයන තෙක්ම දිගාමඩුල්ලේ පාලකයා වූයේ සද්ධාතිස්ස වන අතර දිගාමඩුල්ලේ බොහෝ නිර්මාණ සද්ධාතිස්ස නමින් ලියවී ඇත.සද්ධාතිස්ස මහ රජු ලෙස අනුරපුර ඔටුණු පැළඳූ පසු දිගාමඩුලු පාලකයා වූයේ ඔහුගේ පුත් ලජ්ජි තිස්ස ය. ඔහු රජගල නුවරගල විහාර සංකීර්ණය කරවා ඇති බවට ලේඛනගත සාක්ෂි ඇත.ලජ්ජි තිස්ස මහරජු වූ පසු ඔහුගේ සොයුරු ඛල්ලාටනාග දිගාමඩුල්ල පාලනය කළේ දැයි දැන ගන්නට නැත .ඉන්පසු වංස කතාවේ දිගාමඩුල්ලේ පාලනය ගැන තොරතුරු නැතත් ශිලාලේඛන ඇසුරෙන් බුද්ධදාස රජ සමයේ අමාත්‍ය “බදලක සිව’ නම් අයෙකු ගැනත් නව වෙනි ශතවර්ෂයේ ඈපා දලයි සිව නම් අයෙකු ගැනත් හෙලි වේ.ඈපා යනු රාජ්‍ය උරුමය සහිත දෙ වැන්නා බැවින් එකල ද දිගාමඩුල්ල රාජ්‍ය තන්ත්රයේ ඉහලම අයෙකු යටතේ වූ බව පැහැදිලි ය. පොලොන්නරු යුගයේ විජයබාහු අවදියේදී දිගාමඩුල්ල සශ්‍රීක ජනාකීර්ණ භූමියක් බවක් පැහැදිලි වන්නේ සොලීන්ට එරෙහිව මහ විජය බාහු මහානාගකුල සිට මෙහෙයවූ සේනාංක තුනෙන් එකක් දිගාමඩුල්ල හරහා ගෙන ගිය නිසා ය.මහා පරාක්‍රම බාහු යුගයේ දී දිගාමඩුල්ල මුලුමනින්ම විනාශ වන්නේ පරාක්‍රම බාහු රජු හා සුගලා රැජින අතර ඇතිවූ බිහිසුණු අට අවුරුදු යුද්ධයේදී දිගාමඩුල්ල සුගලා රැජිනට පක්ෂපාතීව සටන් වැදීම නිසා ය. දීර්ඝ ඉතිහාසයක් සහිත් සශ්‍රීක දිගාමඩුල්ල පරාක්‍රමබාහු සමයේදී යුද්ධයෙන් වැනසී වනගතව ඉතිහාසයෙන් වියැකී ගියේය.මෙසේ වනගත වූ දිගාමඩුල්ල ගල්ඔය යෝජනා ක්‍රමයෙන් යළි ප්‍රකෘතිමත් කරවා ජනාවාස බිහි කර ඩී .එස් සේනානායක, ඩඩ්ලි සේනානායක, බන්ඩාරනායක, කොතලාවල පාලන යුග වලදී ක්‍රමයෙන් හිස එසවීය.ඒ වන විට නැගෙනහිර පලාතේ මඩකලපු දිස්ත්‍රික්කයට වෙන්ව තිබූ දිගාමඩුලු භූමිය යොද්හ්ගෙන අම්පාර නමින් දිස්ත්‍රික්කයක් සකසා අම්පාර නමින් මන්ත්‍රී ආසනයක් ද ප්‍රකාශයට පත්කර තුබුණි 1960 සිට 1973 දක්වා රජයන් වල දිගාමඩුලු භූමිය පාලනය වුණේ ගල්ඔය බල ප්‍රදේශය නමිනි.1977මුල්වරට පී දයරත්න මහතා මන්ත්‍රීවරයා වූ පසු මුල්ම අවධියේ සිදු කළ කාර්ය වුණේ ඉතිහාසයේ උරුමය වූ දිගාමඩුල්ල නාමය යළි නිල වශයෙන් ස්ථාපිත කර ගැනීම ය. ඒ සඳහා 1978 මැතිවරණ දිස්ත්‍රික්ක සීමා නිර්ණය කොමිෂන් සභාව යොදා ගැනීම දයාරත්නයන්ගේ උපාය විය.එම කොමිෂන් සභාවට අම්පාර පරිපාලන දිස්ත්‍රිකය තුළ ස්ථාපිත කරන මැතිවරණ දිස්ත්‍රික්කය දිගාමඩුල්ල නමින් හැදින්විය යුතු බවට යෝජනාව පී .දයාරත්නයන් විසින් ඉදිරිපත් කළ අතර කලණසිරි සුදසිංහ මහතා ප්රමුඛ කණ්ඩායමක් ද එම යෝජනාවම ඉදිරිපත් කරන ලදි. කලණසිරි සුදසිංහ යනු පී.දයාරත්න මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ අයයි. එලෙස උපායශීලිව ඉදිරිපත් කළ යෝජනා දෙක පිළිගෙන මැතිවරණ දිස්ත්‍රික්කය දිගාමඩුල්ල නමින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඇතුල් කෙරිණි.ඒ අනුව අද ද අම්පාර පරිපාලන දිස්ත්‍රික්කය මැතිවරණ කටයුතු සඳහා නිල වශයෙන් හැදින්වෙන්නේ දිගාමඩුල්ල නමිනි.මෙසේ ඓතිහාසික දිගාමඩුල්ලට පී දයාරත්නයන්ගේ නායකත්වය යටතේ නව ගමනකට පිවිසීම ආරම්භයේදීම ඉතිහාසයෙන් මැකී ගිය සිය ප්‍රෞඩ අනන්‍යතාව යළි නොගිළිහෙන සේ අත්පත් කර දුන්නේ පී දයාරත්නයන් බවත් එය ඓතිහාසික මෙහෙවරක් බවත් කිව යුතු වේ.
පී දයාරත්නයන් සමග දිගාමඩුල්ල මනා සැලසුම් සහගත ඉවසිලිවන්ත ගමනක් සඳහා යොමු විය.විදුලිය, අධ්‍යාපනය, සෞඛ්‍යය, පරිසරය ආදී ක්ෂෙත්රවල කැපී පෙනෙන වර්ධනයක් දයාරත්න නායකත්වය යටතේ දිගා මඩුල්ලට හිමි විය.මේ අතර උතුරු නැගෙනහිර ආරම්භ වූ බිහිසූණු යුද වාතවරණයේ බලපෑම දිගාමඩුල්ලට බරපතල අභියෝගයක් විය.දිගා මඩුල්ලේ අගනගරය වන අම්පාරට ළඟාවන්නට තිබු ප්‍රධාන මාර්ග සියල්ල ක්‍රමයෙන් යුද්ධයේ ගොදුරු බිම් බවට පත්ව අනාරක්ෂිත විය.පී දයාරත්නයන් ගේ තීක්ෂණ බුද්ධියෙන් ආරක්ෂිත මාර්ගයක් ලෙස බිබිල නාමල්ඔය මාර්ගය ආරම්භ කෙරිණ.ගල්ඔය සංවර්ධන මණ්ඩලය නාමල්ඔය සිට මුල්ලේගම දක්වා සකස්කර පසුව වනයෙන් වැසී තිබුණු මේ මාර්ගය මහ ශ්‍රමදානයකින් ශුද්ධ කර කරාඩුගලගම හා බිබිල මාර්ගයට සම්බන්ධ කිරීම මගින් ආරක්ෂිත විකල්ප මාර්ගයක් දිගාමඩුල්ලට හදුන්වා දුන්නේ පි. දයාරත්නයන් ය. අද එය පිටකුඹුර ,සේරව, කරාඩුගල, මුල්ලේගම, රත්මල්ගහඇල්ල යන අති දුෂ්කර ගම් සංවර්ධනය කරමින් දිවෙන ප්‍රධාන මාර්ගයකි.එදා නිසරු බිමක්ව තිබූ අම්පාර කච්චේරි භූමිය අද සොඳුරු වනගොමුවක් වී ඇත්තේ පී දයාරත්නයන්ගේ .රුක් රෝපණ වැඩපිළිවෙලේ ප්‍රතිඵලයක් ලෙසටය.එය කච්චේරියට පැමුණෙන ජනතාව ගේ සේම ඒ අවට වෙසෙන කුරුල්ලන් ඇතුළු සත්ව වර්ගයාගේත් මගේත් ගිමන සංසිඳවූ කෙම් බිමක් වූ බව පැවසීමට හොඳම ස්ථානය ද මෙය බව මගේ වැටහීම ය.එය අප ගෙන් පසු තව බොහෝ කාලයක් එලෙසින්ම පවතිනු ඇත. පුද්ගලිකවත් දේශපාලන කටයුතුවලටත් මත්ද්‍රව්‍ය මත්පැන් ආදිය යොදා ගැනීම ඒවායින් සංග්‍රහ කිරීම ඒවා වෙළඳාම් කිරීම ප්‍රවර්ධනය දයාරත්නයන් කිසිම හේතුවක් නිසාවත් කළේ නැත.බෞද්ධ ප්‍රතිපත්ති දැඩිව පිහිටා කටයුතු කිරීම ඔහුගේ සිරිතයි. දයාරත්නයන් ගේ විධිෂ්ටත්වය පෙන්නුම් කළ තවත් ක්ෂේත්රයක් වුණේ මහජන සම්බන්ධතාවයයි. දුරකතනයට සැම විටම පිළිතුරු ලැබෙන්නේ එක්කෝ ඔහුගෙනි නැත්නම් දයාරත්න මහත්මියගෙනි. වෙනත් දේශපාලකයන් මෙන් ලේකම්වරුන් ලවා “ඇමතිතුමා නැත” යනුවෙන් මහජන ඇමතුම්වලට කියෙව්වේ නැත.
හිඟුරාන උක් ඉඩම් වල වී වැවීමට අවසර ඉල්ලමින් උක් ඉඩම් හිමියන් උද්ඝෝෂණය කරද්දී එවක දිගාමඩුල්ලේ සිටි ඔහුගේ කැබිනට් සගයන් වූ අමාත්‍යවරුන් දෙදෙනාත් නියෝජ්‍ය අමාත්‍ය වරයයෙකුත් මන්ත්‍රී වරියකුත් ගොවීන්ගේ මතයට ඉඩ දෙන ලෙස එවක අම්පාර දිසාපති වූ මගෙන් පුන පුනා ඉල්ලීම් කරද්දී ඔහු උක් ඉඩම්වල වී වැවීමට ඉඩ දීම වැරදියයි කියමින් මට මහත් සවියක් විය.ඒ අදහස ඔහු මහජන සභාවේදී කියද්දී උක් ගොවීන් ඔහුට පරිභව කළේ මහ හඩින් කෑගසමිනි. සුපුරුදු සිනාහවෙන් එය දරාගෙන ඔහු ඉවත් වෙද්දී මා පුදුමයට පත් වූයේ ඔහුගේ ඉවසීමේ තරම සිතාගත නොහැකිව ය. වර්තමානයේ සුලබව දක්නට ලැබෙන ලෙසින් දයාරත්නයන් කිසිදා බලය වෙනුවෙන් කුමන්ත්‍රණවල යෙදුණේ නැත.දිගාමඩුල්ලට නායකත්වය දුන් සද්ධාතිස්සයන් පවා බලය උදෙසා සිය සොහොයුරා සමග යුද වැදුණේය ලජ්ජිතිස්සයන් තමන්ට අයත් විය යුතු රජකම භික්ෂූන් වහන්සේලා භරහා ලබාගත් සිය සොහොයුරු ථුල්ලත්තනව මරවා භික්ෂූන්ට ද හිරිහැර කළේ ය.එසේවුව ද දිගාමඩුල්ලේ දයාරත්න යුගය අතිශය සාමකාමී විය.
ඇමතිතුමා ඇත්තටම නැත්නම් කතා කළේ මැතිණියයි.ඔහු කිසි දින කොළඹින් නිල නිවාස ගත්තේ නැත. දිගාමඩුල්ලේ තමන්ට ඉන්න තැනක් නොතිබූ නිසා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් නිල නිවසක් නීත්‍යානුකූලව කුලියට ලබාගෙන නිතිපතා කුලිය ද විදුලි බිල් ජල බිල්ද ගෙව්වේය. ඒ නිවස ද හොඳින් නඩත්තු කළේය.නිල නිවසේ විදුලි බිල අතින් ගෙවූ එකම විදුලිබල ඇමති ඔහු විය යුතුය.මගේ දැනුමේ හැටියට 1986 පමණ වන විට පී දයාරත්න නම් එජාප දේශපාලඥනයා යටපත්ව සමස්ත දිගාමඩුල්ලේ පොදුජන නායකයා ලෙස ඔහු පත්වී හමාර ය. ඔහු ජනතාවට නායකත්වය දුන්නේ ඉදිරියෙන් සිටිමිනි ඒනිසාම ජනමතයත් ඔහුගේ මතයත් දෙකක් වූ අවස්ථාවලදීත් ඔහු නිවැරදි සිය මතය වෙනුවෙන් පෙනී සිටියේය.හිඟුරාන උක් ඉඩම් වල වී වැවීමට අවසර ඉල්ලමින් උක් ඉඩම් හිමියන් උද්ඝෝෂණය කරද්දී එවක දිගාමඩුල්ලේ සිටි ඔහුගේ කැබිනට් සගයන් වූ අමාත්‍යවරුන් දෙදෙනාත් නියෝජ්‍ය අමාත්‍ය වරයයෙකුත් මන්ත්‍රී වරියකුත් ගොවීන්ගේ මතයට ඉඩ දෙන ලෙස එවක අම්පාර දිසාපති වූ මගෙන් පුන පුනා ඉල්ලීම් කරද්දී ඔහු උක් ඉඩම්වල වී වැවීමට ඉඩ දීම වැරදියයි කියමින් මට මහත් සවියක් විය.ඒ අදහස ඔහු මහජන සභාවේදී කියද්දී උක් ගොවීන් ඔහුට පරිභව කළේ මහ හඩින් කෑගසමිනි. සුපුරුදු සිනාහවෙන් එය දරාගෙන ඔහු ඉවත් වෙද්දී මා පුදුමයට පත් වූයේ ඔහුගේ ඉවසීමේ තරම සිතාගත නොහැකිව ය. වර්තමානයේ සුලබව දක්නට ලැබෙන ලෙසින් දයාරත්නයන් කිසිදා බලය වෙනුවෙන් කුමන්ත්‍රණවල යෙදුණේ නැත.දිගාමඩුල්ලට නායකත්වය දුන් සද්ධාතිස්සයන් පවා බලය උදෙසා සිය සොහොයුරා සමග යුද වැදුණේය ලජ්ජිතිස්සයන් තමන්ට අයත් විය යුතු රජකම භික්ෂූන් වහන්සේලා භරහා ලබාගත් සිය සොහොයුරු ථුල්ලත්තනව මරවා භික්ෂූන්ට ද හිරිහැර කළේ ය.එසේවුව ද දිගාමඩුල්ලේ දයාරත්න යුගය අතිශය සාමකාමී විය. දයාරත්නයන් කිසිදා සාහසික වැඩ කළේ නැත කෙරෙව්වේ ද නැත.සමවිටම ඔහුගේ පාලන උපාය වුයේ සංවාදයයි.එනිසාම ඔහු මැරයින් නඩත්තු කළේ ද නැත.වාසිය තකා නීති විරෝධී දේට සහය දුන්නේද නැත. තම නායකයා කවුරු වුණත් ඔහු ඒ නායකයාට ගරුකළේ ය. විශ්වාසය බින්දේ නැත.ඒනිසාම ජේ ආර් ජයවර්ධන සිට මහින්ද රාජපක්ෂ දක්වා සියලු ජනාධිපතිවරුන්යටතේ දිගාමඩුල්ලට නායකත්වය දීමට ඔහුට හැකිවිය.
මේ අන්දමින් සැම අතකින්ම දිගාමඬුල්ලේ ඓතිහාසික ගමනේ දයාරත්න යුගය ප්රමුඛ වී තිබේ..දයාරත්නයන් මේ සුවිශේෂී දක්ෂතා අත්පත්කර ගන්නට ඇත්තේ දෙමව්පිය මගපෙන්වීම හා පන්සල ඇසුරෙන් ලද බෞද්ධ විනය හා ගැමි දිවියේ ආභාෂය,කොළඹ ආනන්ද විද්‍යලයෙන් ලද මනා ශික්ෂණය එංගලන්ත අධ්‍යපනයෙන් ලද නිදහස් චින්තනය ඔහුගේ මැතිණිය ඇතුලු පවුලේ දූදරුවන්ගෙන් ලද සහයෝගය ඉංජිනේරුවරයෙකු ලෙස ලබාගත් වෘත්තීය අත්දැකීම් යන දේවලින් විය යුතු ය.ඒ අනුව අනාගත නායකයන් දයාරත්න චරිතය කියවීම ඔවුන්ගේ සාර්ථකත්වයට මඟපෙන්වීමක් වනු ඇත.
අවසාන වශයෙන් කිවයුත්තේ ජනතා නායකයන් බලය දරද්දී ඔවුන් පිළිබඳ නිගමනයන් කිරීම නොකළ යුතු බව ය. ඒ බලය දරන නායකයාන්ගේ අඩුලුහුඬුකම් මිස හොඳක් ගැන කතා කරන පුරුද්දක් අප සතුව නැති නිසා ය. ඒ නිසා ජන නායකයන් ගැන නිගමනයන් කළ යුත්තේ ඔවුන් බලයෙන් ඉවත් වූ පසුය.එවිට ඔහුට සාධාරණ ඇගයුමක් ලැබෙනු ඇත. මේ සියල්ල නිසා දිගාමඩුලු ඉතිහාසයේ සියලු පාලකයන් අභිබවමින් ප්රමුඛ ස්ථනයක් ඉතිහාසය විසින් පී දයාරත්නයන්ට ලබාදෙනු නිසැක ය.
සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති