අමෙරිකා එක්සත් ජනපද ජාතික ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවයි

වහාම ක්‍රියාත්මක වන පරිදි අමෙරිකා එක්සත් ජනපද ජාතික ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ව්‍යවස්ථාව යටතේ ICC සාමාජිකයෙකු ලෙස USA ක්‍රිකට් ආයතනය විසින් එහි බැඳීම් නැවත නැවතත් මෙන්ම අඛණ්ඩව උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ඊයේ (23) පැවැති රැස්වීමකින් පසුව මෙම තීරණය ගෙන ඇත.

කාලීන පුවත්