අපේ රටේ මිනිසුන් සහ අලි ඇතුන් අතර ගැටුම තවදුරටත් හුදු ප්‍රවෘත්තියක් නොව, දිනෙන් දින උග්රවන ජාතික ඛේදවාචකයකි. පසුගිය දින කිහිපය තුළ ගල්ගමුව පොලිස් වසමේ අඹන්පොල ආශ්‍රිතව සිදු වූ වන අලි ප්‍රහාර තුනකින්, විශ්‍රාමික හමුදා නිලධාරියෙකු, මවක් සහ දියණියක් ඇතුළු සිව් දෙනෙකුට ජීවිත අහිමි වීම, මේ ගැටුමේ බිහිසුණුම හා නවතම පැතිකඩ අපට පෙන්වා දෙයි. මේ වසරේ මුල් මාස හය තුළ පමණක් වන අලි ප්‍රහාරවලින් මිනිස් ජීවිත 63ක් ද, විවිධ හේතු නිසා අලි ඇතුන් 198ක් ද මිය ගොස් ඇත. මේවා හුදු සංඛ්‍යා ලේඛන නොවේ;
පරිසරවේදීන් බොහොමයක් පෙන්වා දෙන පරිදි, අලින් ඔවුන්ගේ සාම්ප්‍රදායික භූමිවලින් බලහත්කාරයෙන් පලවා හැරීම ඔවුන්ගේ චර්යා රටාවන් මුළුමනින්ම වෙනස් කිරීමට හේතු වේ. එයින් අලි ඇතුන් වඩාත් ප්රකෝපකාරී සහ ආක්‍රමණශීලී සතුන් බවට පත් වන අතර, එහි බරපතළම ප්‍රතිඵල මේ වන විට අප අත්විඳිමින් සිටී. මෙම අඥාන සහ කෙටිකාලීන තීරණ, ගැටලුව විසඳනවා වෙනුවට තව තවත් උග්‍ර කරමින් මිනිස් සහ අලි ජීවිත බිල්ලට ගනිමින් සිටී.


මෙලෙස මේ ගැටුම ඇවිලෙන ගින්නක් සේ පැතිර යද්දී, වත්මන් රජය ආරක්ෂක අංශ සහ සිවිල් ආරක්ෂක බලකාය යොදා ගනිමින් ක්‍රියාත්මක කරන “වන අලි පලවා හැරීමේ” වැඩසටහන් මගින් සිදුවන්නේ එම ගින්නට පිදුරු දැමීමකි. පරිසරවේදීන් බොහොමයක් පෙන්වා දෙන පරිදි, අලින් ඔවුන්ගේ සාම්ප්‍රදායික භූමිවලින් බලහත්කාරයෙන් පලවා හැරීම ඔවුන්ගේ චර්යා රටාවන් මුළුමනින්ම වෙනස් කිරීමට හේතු වේ. එයින් අලි ඇතුන් වඩාත් ප්රකෝපකාරී සහ ආක්‍රමණශීලී සතුන් බවට පත් වන අතර, එහි බරපතළම ප්‍රතිඵල මේ වන විට අප අත්විඳිමින් සිටී. මෙම අඥාන සහ කෙටිකාලීන තීරණ, ගැටලුව විසඳනවා වෙනුවට තව තවත් උග්‍ර කරමින් මිනිස් සහ අලි ජීවිත බිල්ලට ගනිමින් සිටී.
මෙවන් අඳුරු සහ බලාපොරොත්තු විරහිත වාතාවරණයක් තුළ, ගැටලුව පවතින අඹන්පොල ප්‍රදේශයේම තරුණයන් තිදෙනෙකු වන විනුර අබේරත්න, චමල් සේනාරත්න සහ සිතිජ එක්ව නිර්මාණය කළ ‘Elephant Journey’ ජංගම දුරකථන යෙදුම, නව බලාපොරොත්තුවක ආලෝකය දල්වයි. රාජ්‍ය යාන්ත්‍රණය අසමත් වන තැන, ප්‍රජාව විසින්ම තාක්ෂණය ආයුධයක් කරගනිමින් විසඳුම් සෙවීමේ ඇති ශක්‍යතාව මැනවින් ඔප්පු කරන මෙම යෙදුම, අලි-මිනිස් ගැටුම කළමනාකරණය සඳහා වූ ප්‍රායෝගික සහ ප්‍රජා-මූලික විසඳුමකි.

මෙය හුදෙක් තවත් එක් ජංගම දුරකථන යෙදුමක් නොවේ. එය විද්‍යාත්මක දත්ත සහ ප්‍රායෝගික ක්‍රියාමාර්ග එකට මුසු කරමින්, ගැටුම් අවම කිරීමට සෘජුවම දායක වන සන්නිවේදන පාලමකි. මෙය ඇන්ඩ්‍රොයිඩ් සහ ඇපල් යන මෙහෙයුම් පද්ධති ද්විත්වයටම ගැලපෙන පරිදි සුහුරු ජංගම දුරකථන (Smart Phones) උදෙසා වර්ධනය කරන ලද්දක් වන අතර වර්තමානය වන විට සෑම පවුලකටම පාහේ Smart වර්ගයේ ජංගම දුරකථනයක් ඇති බැවින් මේ යෙදුම භාවිත කිරීමේ ප්‍රායෝගික ගැටලුවක් ද නැත.

‘Elephant Journey’ ක්‍රියාත්මක වන ආකාරය
මෙම යෙදුමේ ක්‍රියාකාරීත්වය සරල මෙන්ම ඉතා ඵලදායී වේ.
• දැනුම් දීම: යම් පුද්ගලයෙකු වන අලියෙකු දුටු විට, ඔහුට හෝ ඇයට ‘Elephant Journey’ යෙදුමට පිවිස එම ස්ථානය සලකුණු කළ හැකිය.
• ක්ෂණික අනතුරු ඇඟවීම: එම ස්ථානයේ සිට කිලෝමීටර් 5ක අරයක් තුළ මෙම යෙදුම භාවිත කරන අනෙකුත් සියලුම දෙනාට ඒ පිළිබඳව ක්ෂණික දැනුම්දීමක් (Push Notification) ලැබේ.

• ආරක්ෂාව තහවුරු කිරීම: මෙම තත්‍ය කාලීන (Real Time) දැනුම්දීම නිසා, ප්‍රදේශවාසීන්ට එම මාර්ගය මඟහැරීමට, රාත්‍රී කාලයේ ගමන් බිමන් යාමෙන් වැළකීමට හෝ වෙනත් ආරක්ෂිත පියවර ගැනීමට අවස්ථාව ලැබේ. එමගින් මිනිසුන් සහ අලි ඇතුන් අතර සිදුවන අනපේක්ෂිත හමුවීම් සහ ඒ හරහා ඇතිවන ගැටුම් අවම කරගත හැකිය.

යෙදුමේ ප්‍රධාන ලක්ෂණ සහ දිගුකාලීන ප්රතිලාභ මෙසේ සඳහන් කළ හැකිය.
‘Elephant Journey’ යනු ක්ෂණික අනතුරු ඇඟවීම් ලබා දෙනවාට වඩා එහා ගිය, පුළුල් අරමුණු සහිත ව්‍යාපෘතියකි.
ගැටුම් කලාප සිතියම්ගත කිරීම මෙයින් ලැබෙන ප්‍රධන පෙළේ ප්රයෝජනයකි. යෙදුම හරහා ලැබෙන දත්ත විශ්ලේෂණය කිරීමෙන්, අලි ඇතුන් නිතර ගැවසෙන ප්‍රදේශ, ඔවුන්ගේ සංක්‍රමණ රටා සහ ගැටුම් බහුලව සිදුවන ස්ථාන (Conflict Hotspots) නිවැරදිව හඳුනාගත හැකිය.
විද්‍යාත්මක දත්ත ගබඩාවක් නිර්මාණය කර ගැනීමට හැකි වීම වැදගත් කාරණයකි. ගම්වාසීන් විසින්ම සපයන දත්ත, අලි ඇතුන්ගේ හැසිරීම් රටා පිළිබඳව විද්‍යාත්මක විශ්ලේෂණයන් සිදු කිරීමට මහඟු පිටිවහලක් වේ. මෙම දත්ත, දීර්ඝකාලීන විසඳුම් සැලසුම් කිරීමේදී වනජීවී නිලධාරීන්ට සහ පර්යේෂකයන්ට ඉතා වටිනා සම්පතක් වනු ඇත.
ප්‍රජා සහභාගීත්වය සහ ජනතාව සවිබල ගැන්වීමට රුකුලක් මේ යෙදුම ඔස්සේ ලැබේ. මෙම යෙදුම හරහා ගම්වාසීන් හුදෙක් ගැටලුවේ ගොදුරු බවට පත් නොවී, විසඳුමේ කොටස්කරුවන් බවට පත් වේ. ඔවුන් විසින්ම දත්ත සපයන නිසා සහ ආරක්ෂිත පියවර ගන්නා නිසා, ප්‍රජාව සවිබල ගැන්වේ. එමෙන්ම, මෙම තරුණයින් තම ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම මගින් මෙම තාක්ෂණික විසඳුම ජනතාව අතරට ගෙන යාමට ද කැපවී සිටී.

ශ්‍රී ලංකාවට පමණක් නොව, ආසියාවේ සහ අප්‍රිකාවේ බොහෝ රටවල් මෙම ගැටලුවට මුහුණ දෙමින් සිටින අතර, ඔවුන් ද තාක්ෂණික විසඳුම් වෙත යොමු වී ඇත. ඉන්දියාව නිදසුනක් ලෙස ගතහොත් ඔවුන් “HaathiApp” වැනි යෙදුම් හරහා අලි ඇතුන්ගේ හැසිරීම් පිළිබඳ අනතුරු ඇඟවීම් ලබා දේ. තායිලන්තය “HECTOR” වැනි යෙදුම් සහ AI තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන අනතුරු ඇඟවීමේ පද්ධති භාවිත කරයි. අප්‍රිකානු මහාද්වීපයේ කෙන්යාව, ටැන්සානියාව යන රටවල “EarthRanger” වැනි පද්ධති හරහා GPS කරපටි සහ චන්ද්‍රිකා තාක්ෂණය යොදාගනිමින් අලින්ගේ ගමන් මග නිරීක්ෂණය කරමින් ක්ෂණිකව අනතුරු අඟවයි.මෙම ජාත්‍යන්තර උදාහරණවලින් පැහැදිලි වන්නේ, ‘Elephant Journey’ යනු හුදෙකලා උත්සාහයක් නොව, ගෝලීය වශයෙන් සාර්ථකත්වය ඔප්පු කළ ක්‍රමවේදයක් ශ්‍රී ලංකාවේ යථාර්ථයට ගලපා ගැනීමක් බවයි.


ආයතන අතර සම්බන්ධීකරණය ද මෙය ඔස්සේම සිදු කළ හැකි වීම නිසා මේ යෙදුම හරහා ගම්වාසීන්ට වනජීවී නිලධාරීන් සහ අදාළ ආයතන සමග වඩාත් පහසුවෙන් සම්බන්ධ වීමට වේදිකාවක් සැකසේ.
ශ්‍රී ලංකාවට පමණක් නොව, ආසියාවේ සහ අප්‍රිකාවේ බොහෝ රටවල් මෙම ගැටලුවට මුහුණ දෙමින් සිටින අතර, ඔවුන් ද තාක්ෂණික විසඳුම් වෙත යොමු වී ඇත. ඉන්දියාව නිදසුනක් ලෙස ගතහොත් ඔවුන් “HaathiApp” වැනි යෙදුම් හරහා අලි ඇතුන්ගේ හැසිරීම් පිළිබඳ අනතුරු ඇඟවීම් ලබා දේ. තායිලන්තය “HECTOR” වැනි යෙදුම් සහ AI තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන අනතුරු ඇඟවීමේ පද්ධති භාවිත කරයි. අප්‍රිකානු මහාද්වීපයේ කෙන්යාව, ටැන්සානියාව යන රටවල “EarthRanger” වැනි පද්ධති හරහා GPS කරපටි සහ චන්ද්‍රිකා තාක්ෂණය යොදාගනිමින් අලින්ගේ ගමන් මග නිරීක්ෂණය කරමින් ක්ෂණිකව අනතුරු අඟවයි.
මෙම ජාත්‍යන්තර උදාහරණවලින් පැහැදිලි වන්නේ, ‘Elephant Journey’ යනු හුදෙකලා උත්සාහයක් නොව, ගෝලීය වශයෙන් සාර්ථකත්වය ඔප්පු කළ ක්‍රමවේදයක් ශ්‍රී ලංකාවේ යථාර්ථයට ගලපා ගැනීමක් බවයි.
අලි-මිනිස් ගැටුමට සැබෑ හේතුව මිනිසුන්ගේ හෝ අලින්ගේ වරදක් නොවේ. එය දශක ගණනාවක් තිස්සේ සිදුවූ ඉවක් බවක් නැති සංවර්ධන ව්‍යාපෘති, වන විනාශය සහ අසාර්ථක රාජ්‍ය ප්රතිපත්තිවල ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වූ පද්ධතිමය ගැටලුවකි. අලින්ගේ නිවහන වූ වනාන්තර කෘෂිකාර්මික කටයුතු සහ ජනාවාස වෙනුවෙන් අද වන විට කැබලි වී ඇත. ඔවුන්ගේ සාම්ප්‍රදායික සංක්‍රමණ මාර්ග අහිමි වූ විට, ආහාර සොයා ගම්මානවලට ඒම හැර වෙනත් විකල්පයක් ඔවුන්ට ඉතිරි වී නැත.

මෙවන් තත්ත්වයක් තුළ, අලින් ප්‍රකෝප කරවන සුළු පලවා හැරීම් වැනි අදූරදර්ශී ක්‍රියාමාර්ග ගැනීම රජය වහාම නතර කළ යුතුය. ඒ වෙනුවට, ‘Elephant Journey’ වැනි ප්‍රජා-මූලික, තාක්ෂණය මත පදනම් වූ විසඳුම් සඳහා රාජ්‍ය අනුග්‍රහය සහ සහයෝගය ලබා දිය යුතුය. මෙම යෙදුම් පමණක් ගැටලුවට එකම සහ අවසාන විසඳුම නොවිය හැකි නමුත්, එය නිවැරදි දිශාවට තැබූ අතිශය වැදගත් සහ නිර්මාණශීලී පියවරකි. අනාගතයේදී අලි ඇතුන්ගේ නිදහසත්, මිනිසුන්ගේ ආරක්ෂාවත් එකට රැකෙන තිරසර සහජීවනයක් ගොඩනැගීමට නම්, රජය, ජනතාව සහ තාක්ෂණය එක්ව කටයුතු කළ යුතු අතර, ‘Elephant Journey’ ඒ සඳහා හොඳම මාර්ගෝපදේශය සපයයි.
නිරංජන් චාමින්ද කරුණාතිලක