ගෑස් සහ අමුද්‍රව්‍ය මිල ගණන් ඉහළ යාම හේතුවෙන් අවුරුදු කැවිලි මිල ගණන්ද ඉහළ ගොස් තිබේ. මේ අනුව, ආස්මි එකක මිල රුපියල් 180 ත් 200 ත් අතර මිලක් දක්වාද, කොණ්ඩ කැවුමක මිල රුපියල් 90 ත් 100 ත් අතර මිලක් දක්වාද, පැණි වළල්ලක මිල රුපියල් 100 ක් දක්වාද, මුං කැවුමක මිල රුපියල් 80 ක් දක්වාද, කොකිස් එකක මිල රුපියල් 40 ක් දක්වාද, අළුවා කැටයක මිල රුපියල් 70 ක් දක්වාද වැඩිවී ඇත.
අතිරස එකක මිල රුපියල් 80 ක් වන අතර, පොල් ටොපියක මිල රුපියල් 20 කි. මීට අමතරව, කේක් ආදියෙහි මිල ගණන්ද ඉහළ ගොස් තිබේ. බටර් කේක් කිලෝවක් අලෙවි කෙරෙන්නේ රුපියල් 1,000 ත් 1,200 ත් අතර මිලකටය.