ආසන පටි පැළඳීම අනිවාර්ය කරමින් ගැසට් නිවේදනයක්

අධිවේගී මාර්ගවල ගමන් ගන්නා වාහනවල රියදුරන්ට සහ සියලුම මගීන්ට ආසන පටි පැළඳීම අනිවාර්ය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ජාතික මාර්ග ආරක්ෂණ කවුන්සිලයේ සභාපතිවරයා සඳහන් කළේ සැප්තැම්බර් 1වනදා සිට අධිවේගී මාර්ගවල ධාවනය වන සියලුම වාහනවල, ඉදිරිපස සහ පසුපස යන සියලුම ආසනවල සිටින මගීන්ට ආසන පටි පැළඳීම අනිවාර්ය කර ඇති බවයි.

එමෙන්ම ආසන පටි නොමැති වාහන සඳහා, ඒවා සවිකර ගැනීම සඳහා මාස 3ක සහන කාලයක් ලබා දෙන බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

කාලීන පුවත්