ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දියා – පාකිස්තාන ආරවුලේ පසුබිම් කතාව

පසුගිය දා අවසන් වූ ආසියානු කුසලාන කි‍්‍රකට් තරගාවලිය වඩාත්ම කතාබහට ලක් වූයේ කි‍්‍රකට් තරගවලටත් වඩා එ් ආශි‍්‍රතව ඇති වූ ඉන්දියානු- පාකිස්තාන ආරවුල නිසා යයි කිවහොත් එය එතරම් වැරදි ප‍්‍රකාශයක් නොවනු ඇත. බොහෝ දෙනා මෙම තරගාවලිය හඳුන්වන්නේ මෑත ඉතිහාසය තුළ වඩාත්ම දේශපාලනීකරණයට ලක් වූ කි‍්‍රකට් තරගාවලියක් වශයෙනි. ඉන්දියාව සහ පාකිස්තානය අතර කී‍්‍රඩා තරගවල දී මෙම දෙරට අතර පවතින දේශපාලනික, වාර්ගික ආතතීන් නිතර ප‍්‍රදර්ශණය වුණත් එය මෙතරම් දරුණු ලෙස පිලිබිඹු වූ අවස්ථාවක් ගැන මතකයට නගා ගත නොහැක.

මෙවර ආසියානු කුසලාන තරගාවලිය පැවැත්වුණේ මෙයට මාස කිහිපයකට පෙර ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති වූ යුද ගැටුමේ උණුසුම මුළුමනින් පහව යාමට පෙර බව රහසක් නොවේ. එ් නිසා මෙවර තරගාවලියේ මෙම දෙරට අතර තරග ආශි‍්‍රතව වැඩි ආතතියක් දක්නට ලැබෙනු ඇති බව බොහෝ දෙනා මුල පටන්ම අපේක්‍ෂා කළ කාරණයක් විය. නමුත් එම ආතතිය මෙතරම් දරුණු මුහුණුවරක් ගනු ඇතැයි බොහෝ දෙනෙකු නොසිතන්නට ඇත.

මෙම තරගාවලිය තුළ ඉන්දියාවත් පාකිස්තානයත් මුණ ගැසුණු පළමු තරගයේ සිටම මෙම තත්වය දැක ගන්නට ලැබිණි. එය ආරම්භ වූයේ කාසියේ වාසිය බැලීමේ අවස්ථාවේ නායකයන් දෙදෙනා අතට අත නොදීමේ සිද්ධියෙනි. එසේ අතට අත නොදීමේ තීරණය මුලින්ම ගෙන තිබුණේ ඉන්දියානු කණ්ඩායම බවක් ද ප‍්‍රකාශ විය. තරගයෙන් පසුව ද ඉන්දීය කණ්ඩායම පාකිස්තාන කණ්ඩායමට අතට අත දුන්නේ නැත.

ආසියානු කුසලාන තරගාවලියේ දී ඉන්දියානු කණ්ඩායම කි‍්‍රකට් සම්ප‍්‍රදායට පටහැනි මෙවැනි හැසිරීමක් පළ කිරීමට පසුබිම් වූ කාරණා ගැන මෙහි දී සඳහනක් කිරීම වැදගත් වේ.

මෙයට මාස කිහිපයකට පෙර පසුගිය අපේ‍්‍රල් මාසයේ ඉන්දියානු කාශ්මීර කලාපයේ පහල්ගම් නැමැති ප‍්‍රදේශයේ දී ඉන්දියානු සංචාරකයන් පිරිසක් ඉලක්ක කර ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල වූ අතර එයින් සංචාරකයෝ 26 දෙනෙක් මරණයට පත් වූහ. මෙම ප‍්‍රහාරය එල්ල කළේ පාකිස්තානයේ සිට කි‍්‍රයාත්මක වන සහ පාකිස්තානයේ සහය ලබන ත‍්‍රස්තවාදී කණ්ඩායමක් බව ඉන්දියාවේ ස්ථාවරය විය. මෙම කාශ්මීර කලාපය ඉන්දියාවෙන් වෙන් කරගෙන වෙනම රාජ්‍යයක් බවට පත් කර ගැනීමට ඇතැම් බෙදුම්වාදී සන්නද්ධ කණ්ඩායම් සටන් කරමින් සිටින අතර එම කණ්ඩායම්වලට පාකිස්තානයේ සහය ලැබෙන බවට ඉන්දියාව කාලයක සිටම චෝදනා කරයි. මෙවැනි කාරණා නිසා ඉන්දියාව පාකිස්තානය සලකන්නේ තම රටට එරෙහිව හතුරුකම් කරන ලොකුම විරුද්ධවාදියකු ලෙසිනි.

මෙම තත්වය තුළ ඉහත කී පහල්ගම් ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු ඉන්දියානු හමුදා පාකිස්තානය තුළ පිහිටි ඉලක්ක කිහිපයක් වෙත ගුවන් ප‍්‍රහාර එල්ල කිරීමට පියවර ගත්තේය. මේ අනුව දෙරට අතර උණුසුම් ආතතියක් ඇති වූ අතර පාකිස්තානය ද නිහඬව සිටියේ නැත. ඔවුහු ද ඉන්දියාව වෙත ප‍්‍රතිප‍්‍රහාර එල්ල කිරීමට කටයුතු කළෝය. තත්වය දුරදිග යද්දී මෙම ගැටුම වඩාත් පැතිරුණු යුද්ධයක් බවට පත්වනු ඇත්ද යන බියක් බොහෝ පාර්ශ්ව තුළ ඇති විය.

කෙසේ හෝ වේවා, වාසනාවකට මෙන් එවැනි තත්වයක් ඇති නොවූ අතර මැයි 10 වැනි දින අවි ගැටුම් නතර වූයේය. ගැටුම් නතර වූයේ ඇමරිකාවේ මැදිහත් වීම නිසා බවට ද ප‍්‍රකාශ නිකුත් විය. අවි ගැටුම් නතර වුවත් එ් නිසා ඇති වූ ‘කේන්තිය’ දෙපාර්ශ්වය තුළින්ම පහව ගිය බවක් නොපෙනිණි. ආසියා කුසලාන තරගාවලියට මෙම දෙරටේ කණ්ඩායම් සහභාගි වූයේ මෙවැනි පසුබිමක් තුළ යි.

ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දියා- පාකිස්තාන පළමු තරගයෙන් ජය ගැනීමෙන් පසු ඉන්දීය නායක සූර්යකුමාර් යාදව් එම ජයග‍්‍රහණය පහල්ගම් ප‍්‍රහාරයෙන් මිය ගිය අය වෙනුවෙන් සහ ඉන්දියානු ආරක්‍ෂක හමුදා සෙබලූන්ගේ වීරත්වය වෙනුවෙන් පුද කිරීමට කටයුතු කිරීම ද කැපී පෙනුණු සිද්ධියක් විය. බොහෝ දෙනා මෙය සැලකුවේ මෙම තරගාවලිය තුළට දේශපාලනය රැගෙන එ්මක් ලෙසිනි.

ඉන්දියානු කී‍්‍රඩකයන්ගේ මෙවැනි කි‍්‍රයාකලාපයන්ට ප‍්‍රතිචාර දැක්වීමට පාකිස්තාන පිලේ ඇතැම් කි‍්‍රඩකයන් ද කටයුතු කරනු දැකිය හැකි විය. සුපර් ෆෝ (Super Four) වටයේ තරගයේ දී හැරිස් රාවුෆ් පෑ ඉරියව්වක් විශාල වශයෙන් කතාබහට ලක් විය. පහල්ගම් ගැටුමේ දී පාකිස්තානය ඉන්දීය ගුවන් යානා හයක් වෙඩි තබා බිම හෙලූ බවක් පැවසුණු අතර රාවුෆ් මේ බව අභිනයෙන් පෙන්වන ඉරියව්වක් ඉන්දීය කි‍්‍රකට් ලෝලීන් වෙත පෑවේය. ඉන්දීය කි‍්‍රකට් ලෝලීන් කෑ කෝ ගසමින් ඔහුට ප‍්‍රතිචාර දක්වනු ද දැකගන්නට ලැබිණි.

ආසියානු කුුසලාන තරගාවලිය තුළ මෙම කණ්ඩායම් දෙක අතර වර්ධනය වූ ආතතිය කූඨ ප‍්‍රාප්තියට ළඟා වූයේ අවසන් මහා තරගය අවස්ථාවේ යි. ඉන්දියානු කණ්ඩායම එම තරගය ජය ගැනීමෙන් පසු ඔවුහු ආසියානු කුසලානය භාර ගැනීම ප‍්‍රතික්‍ෂේප කළෝය. එය ඔවුන් වෙත පිරිනැමීමට නියමිතව සිටියේ පාකිස්තාන කි‍්‍රකට් මණ්ඩලයේ සභාපතිවරයා මෙන්ම ආසියානු කි‍්‍රකට් කවුන්සිලයේ සභාපතිවරයා ද වූ මෝහ්සින් නක්වි ය. ඔහු පාකිස්තාන ආණ්ඩුවේ ඇමැතිවරයකු ද වේ. ඉන්දියාව ඔහු අතින් කුසලානය භාර ගැනීම ප‍්‍රතික්‍ෂේප කළේ එම පසුබිම තුළ ය. ප‍්‍රධාන පෙලේ කි‍්‍රකට් තරගාවලියක දී ජයග‍්‍රාහකයන් කුසලානය භාර ගැනීම ප‍්‍රතික්‍ෂේප කළ පළමු අවස්ථාව ලෙස එය ඉතිහාසයට එක් විය.

එම තරගයේ දී තවත් පාකිස්තාන කී‍්‍රඩකයකු වූ සාහිබ්සාදා ෆර්හාන් පෑ ඉරියව්වක් ද ලොකු ආන්දෝලනයක් ඇති කරන්නට සමත් විය. ෆර්හාන් එම තරගයේ දී අර්ධ ශතකයක් රැස් කළ අතර ඔහු එය සැමරුවේ සිය කි‍්‍රකට් පිත්ත, තුවක්කුවකින් වෙඩි තබන ආකාරයෙන් ඉදිරියට මානමිනි.

ආසියානු කුුසලාන තරගාවලිය තුළ මෙම කණ්ඩායම් දෙක අතර වර්ධනය වූ ආතතිය කූඨ ප‍්‍රාප්තියට ළඟා වූයේ අවසන් මහා තරගය අවස්ථාවේ යි. ඉන්දියානු කණ්ඩායම එම තරගය ජය ගැනීමෙන් පසු ඔවුහු ආසියානු කුසලානය භාර ගැනීම ප‍්‍රතික්‍ෂේප කළෝය. එය ඔවුන් වෙත පිරිනැමීමට නියමිතව සිටියේ පාකිස්තාන කි‍්‍රකට් මණ්ඩලයේ සභාපතිවරයා මෙන්ම ආසියානු කි‍්‍රකට් කවුන්සිලයේ සභාපතිවරයා ද වූ මෝහ්සින් නක්වි ය. ඔහු පාකිස්තාන ආණ්ඩුවේ ඇමැතිවරයකු ද වේ. ඉන්දියාව ඔහු අතින් කුසලානය භාර ගැනීම ප‍්‍රතික්‍ෂේප කළේ එම පසුබිම තුළ ය. ප‍්‍රධාන පෙලේ කි‍්‍රකට් තරගාවලියක දී ජයග‍්‍රාහකයන් කුසලානය භාර ගැනීම ප‍්‍රතික්‍ෂේප කළ පළමු අවස්ථාව ලෙස එය ඉතිහාසයට එක් විය.

කෙසේ හෝ වේවා, ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දියා-පාකිස්තාන තරග මේ ආකාරයෙන් දේශපාලනීකරණය වීම කි‍්‍රකට් කි‍්‍රඩාවට ආදරය කරන බොහෝ දෙනාගේ නොසතුටට හේතු වූවක් විය. ඔවුන් එය සැලකුවේ කී‍්‍රඩාවේ සැබෑ අරමුණු සහ ගුණය විනාශ කරන කාරණයක් ලෙසිනි. ඉන්දීය කි‍්‍රකට් කී‍්‍රඩාව අගමැති නරේන්‍ද්‍ර මෝදි ගේ භාරතීය ජනතා පක්‍ෂයේ දේශපාලන මෙවලමක් බවට පත්ව ඇති බවට ද ඇතැමුන් චෝදනා කර තිබෙනු දැකගන්නට ලැබිණි.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර