ඇමරිකාවේ හිටපු ජනාධිපති ජෝ බයිඩ්න් සම්බන්ධයෙන් කණගාටුදායක පුවතක් පසුගිය දා විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එනම් ඔහු පිළිකා රෝගයට ගොදුරු වී ඇති බව යි. මේ සම්බන්ධ නිවේදනයක් බයිඩ්න් ගේ පෞද්ගලික කාර්යාලය පසුගිය 18 වැනි ඉරිදා නිකුත් කර තිබිණි.
මෙම නිවේදනයේ සඳහන් වූ ආකාරයට හිටපු ජනාධිපතිවරයාට වැළඳී තිබෙන්නේ පුරස්ථි (Prostate) ග්‍රන්ථියේ පිළිකාවකි. එම තොරතුරු අනුව පෙනී යන්නේ පිළිකාව මේ වනවිට තරමක් දරුණු තත්වයකට පත් වී ඇති බව යි. එය සිරුරේ අස්ථි දක්වාම පැතිරී ඇති බවක් බයිඩ්න් ගේ කාර්යාලය නිකුත් කළ නිවේදනයේ තව දුරටත් සඳහන් වේ.
මෙම පිළිකාව පිළිබඳව රෝග විනිශ්චය කර තිබුණේ 16 වැනි සිකුරාදා ය. බයිඩ්න් පසුගිය දිනවල මුත්‍රා පිට කිරීම සම්බන්ධ යම් ගැටලුවකින් පීඩා විඳිමින් සිටි බව වාර්තා වේ. පිළිකාව සම්බන්ධයෙන් වෛද්‍යවරුන් රෝග විනිශ්චය කර තිබුණේ මෙම මුත්‍රා ප්‍රශ්නයට ප්‍රතිකාර ගැනීම සඳහා ගිය අවස්ථාවේ යි.
යම් පිළිකාවක් අස්ථි දක්වා පැතිරුණු විට එය සුව කිරීම වඩාත් අපහසු බව පිළිගැනේ. බයිඩ්න්ට වැළඳී ඇති පිළිකාව තරමක් වේගයෙන් පැතිරෙන්නක් බව ද වාර්තා වෙයි.
හිටපු ජනාධිපතිවරයා ගේ වයස මේ වනවිට අවුරුදු 82 කි.
මෙම පිළිකාව පිළිබඳව රෝග විනිශ්චය කර තිබුණේ 16 වැනි සිකුරාදා ය. බයිඩ්න් පසුගිය දිනවල මුත්‍රා පිට කිරීම සම්බන්ධ යම් ගැටලුවකින් පීඩා විඳිමින් සිටි බව වාර්තා වේ. පිළිකාව සම්බන්ධයෙන් වෛද්‍යවරුන් රෝග විනිශ්චය කර තිබුණේ මෙම මුත්‍රා ප්‍රශ්නයට ප්‍රතිකාර ගැනීම සඳහා ගිය අවස්ථාවේ යි.
පුරස්ථි ග්‍රන්ථිය පිහිටා තිබෙන්නේ මුත්‍රාශය ආසන්නයේ යි. එය පිරිමි පුද්ගලයන්ට පමණක් පිහිටන, ඔවුන්ගේ ප්‍රජනන පද්ධතියට අයත් අවයවයක් ලෙස සැලකේ. පිරිමින් ගේ ශුක්‍ර තරලය නිපදවීම සඳහා පුරස්ථි ග්‍රන්ථිය ඉවහල් වෙයි.
මෙම ග්‍රන්ථියේ ආබාධ වියපත් පිරිමින් අතර ඉතා සුළභව දැකිය හැකි තත්වයකි. පුරස්ථි ග්‍රන්ථිය ඉදිමීම සහ පිළිකා වැනි තත්වයන්ට වියපත් පිරිමි බොහෝ විට ගොදුරු වෙති.
බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු පවා පසුගිය කාලයේ පුරස්ථි ග්‍රන්ථියේ ආබාධයකට ලක් වූ අතර ඒ පිළිබඳ සැත්කමක් කරද්දී වෛද්‍යවරුන්ට පිළිකාවක් ද හඳුනා ගන්නට ලැබිණි. නමුත් පිළිකාව පිහිටා තිබුණේ පුරස්ථි ග්‍රන්ථියේ නොවන බවක් බකිංහැම් මාළිගය ප්‍රකාශ කළේය. චාල්ස් රජු ගේ පිළිකාව පිහිටා ඇත්තේ කොහේද යන්න තවමත් රහසකි. ඒ පිළිබඳව රජ පවුල ප්‍රසිද්ධියට පත් කළේ නැත.
ජෝ බයිඩ්න් ගේ පිළිකාව දරුණු මට්ටමක පවතින නිසා ඒ සඳහා ප්‍රතිකාර කිරීම තරමක් අභියෝගාත්මක කටයුත්තක් වනු ඇතැයි සඳහන් වේ. නමුත් එය හෝමෝන ප්‍රතිකාරවලට ප්‍රතිචාර දක්වන බව හෙළි වී තිබේ. ඒ නිසා පිළිකාව යම් දුරකට පාලනය කිරීමට හැකි වනු ඇති බවට වෛද්‍යවරුන් විශ්වාසය පළ කර ඇත.
ජෝ බයිඩ්න් ගේ වැඩිමල් පුත්‍රයා වූ බෝ බයිඩ්න් ද පිළිකා රෝගයට ගොදුරු විය.ඔහුට වැළඳුණේ මොළයේ පිළිකාවකි. 2015 වසරේ ඔහු පිළිකාව හේතුවෙන් මරණයට පත් වූ අතර ඒ වෙද්දී ඔහුගේ වයස අවුරුදු 46 ක් පමණක් විය.
ජෝ බයිඩ්න් මේ වනවිට ඩෙලවෙයාර් නැමැති ප්‍රාන්තයේ පිහිටා ඇති ඔහුගේ නිවසේ විවේක සුවයෙන් පසුවන බව ද මාධ්‍ය වාර්තා කර තිබිණි. ඔහුගේ ඉදිරි ප්‍රතිකාර කටයුතු සිදුවනු ඇත්තේ එහි සිට බව ද වාර්තා වේ.
හිටපු ජනාධිපතිවරයා ගේ පිළිකාව සම්බන්ධයෙන් දැනගත් විට ඔහුගේ දේශපාලන මිතුරන් මෙන්ම සතුරන් ද ඔහුට ඉක්මන් සුවය පතා පණිවුඩ නිකුත් කර තිබිණි. පසුගිය කාලයේ බයිඩ්න් ගේ දරුණුම ප්‍රතිවාදියා ද, නිර්දයම විවේචකයා ද වූ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද ඒ අතර විය.
බයිඩ්න් ගේ පිළිකාව ගැන දැන ගැනීමෙන් තමාත්, බිරිඳ මෙලනියාත් මහත් කණගාටුවට පත් වූ බැව් ට්‍රම්ප් ඔහුගේ සමාජ මාධ්‍ය පිටුවේ ලියා තිබේ. බයිඩ්න්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බව ද ඔහු තවදුරටත් සඳහන් කර තිබිණි.
බයිඩ්න් ජනාධිපති ධුරයට පත් වූයේ 2021 වසරේ යි. 2024 වසරේ පැවති ජනාධිපතිවරණයට ද ඉදිරිපත් වීමට ඔහු සූදානමින් සිටියේය. නමුත් ඔහුගේ වයස සහ සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් ඇති වූ ගැටලු නිසා ඔහු අයත් ඩිමොක්රටික් පක්ෂයේම උදවිය පවා ඊට දැඩි විරෝධයක් දැක්වූහ. ඔවුන්ගෙන් එල්ල වූ පීඩනය ඉහළ යද්දී බයිඩ්න් අවසානයේ ජනාධිපති තරගයෙන් ඉවත් වූයේය. ඉන්පසු එම පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ඔහුගේ උප ජනාධිපතිනිය වූ කමලා හැරිස් ය.
කමලා හැරිස් ද බයිඩ්න්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් පණිවුඩයක් සටහන් කර තිබුණාය.
“ජෝ ඉතා හොඳ සටන්කාමියෙක්. ඔහු තුළ ඇති ශක්තිය, ඉවසිලිවන්ත බව, සුබවාදී බව තුළින් ඔහු මේ අභියෝගයත් ජය ගනු ඇති බව මා දන්නවා” යයි ඇය සඳහන් කර තිබිණි.
මෙම දුෂ්කර අවස්ථාවේ තමාත්, බිරිඳ මිචෙලුත් බයිඩ්න් පවුල සමග සිටින බව ඔහු ලියා තිබිණි. බයිඩ්න් කවදත් ඉතා අධිෂ්ඨානශීලී පුද්ගලයකු බවත්, ඒ තුළින් ඔහු මේ අභියෝගය ද ජයගනු ඇති බව තමාට විශ්වාස බවත් ඔබාමා සඳහන් කර ඇත.
ජනාධිපති පදවියට පත් වීමට පෙර බයිඩ්න් කලක් උප ජනාධිපති පදවිය ද දැරුවේය. ඒ බරැක් ඔබාමා ජනාධිපති ධුරය දැරූ කාලයේ යි. ඒ නිසා ඔවුන් දෙදෙනාද දේශපාලන ලෝකයේ සමීප මිතුරන් ය. ඔබාමා ද තම මිත්‍රයා වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කර තිබෙනු දැකගන්නට ලැබිණි.
මෙම දුෂ්කර අවස්ථාවේ තමාත්, බිරිඳ මිචෙලුත් බයිඩ්න් පවුල සමග සිටින බව ඔහු ලියා තිබිණි. බයිඩ්න් කවදත් ඉතා අධිෂ්ඨානශීලී පුද්ගලයකු බවත්, ඒ තුළින් ඔහු මේ අභියෝගය ද ජයගනු ඇති බව තමාට විශ්වාස බවත් ඔබාමා සඳහන් කර ඇත.
ඇමරිකාවේ පිරිමින්ට වැඩියෙන්ම වැළඳෙන පිළිකා අතර දෙවැනි තැන ගන්නේ පුරස්ථි ග්‍රන්ථි පිළිකා ය. (පළමු තැන ගන්නේ චර්ම පිළිකා බව සඳහන් වේ).
නිහාල් පීරිස්