ඉරාන නාවික කාර්ය මණ්ඩලය යළි භාර නොදෙන ලෙසට අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට බලපෑම් ?

ඉරාන නෞකා කාර්ය මණ්ඩල ඉරානයට ආපසු නොයැවිය යුතු බවට කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය ශ්‍රී ලංකා බලධාරීන්ට බලපෑම් කරමින් සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

යුද නෞකාවක් වන IRIS Dena ගිලී යාමෙන් පසු බේරාගත් ඉරාන නාවිකයින් නැවත ගෙන්වා නොගන්නා ලෙසට අමෙරිකාව ශ්‍රී ලංකාවෙන් ඉල්ලා ඇති බවට එහි සඳහන් වේ.

අමෙරිකානු අභ්‍යන්තර රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග උපුටා දක්වමින් එම සේවය මේ බව කියයි.

කාලීන පුවත්