ඉරාන නෞකාවේ සිටි 204 දෙනෙකු කොළඹ වරායට

ඉරානයට අයත්, IRINS Bushehr නෞකාවේ සිටි 204 දෙනෙකු කොළඹ වරායට රැගෙනවිත් තිබේ.එහි සිටි අනෙක් පුද්ගලයින් සිව්දෙනා කොළඹ වරායට රැගෙන එමින් පවතින බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් සඳහන් කරන ලදි.

නෞකාව අද (06) ත්‍රිකුණාමලය වරායට රැගෙන යාමට නියමිතව ඇතැයි ඔහු සඳහන් කරයි.IRINS Bushehr නෞකාව, මෙරටට පැමිණීමට අවසර ඉල්ලා තිබුණි.

ඒ අනුව මානූෂීය ප්‍රතිපත්තියක සිට ඔවුන් මෙරටට ඇතුළු කරගැනීමට තීරණය කළ බව, ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ, ජනාධිපති කාර්යාලයේදී ඊයේ (05) රාත්‍රියේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින්.

අමෙරිකානු ටෝපිඩෝ ප්‍රහාරයකින් මෙරට මුහුදු සීමාව ආසන්නයේදී මුහුදුබත් වූ IRIS Dena නෞකාවේ සිටි පුද්ගලයින් 84 දෙනෙකුගේ මළ සිරුරු මේ වන විට ගාල්ල ජාතික රෝහලේ තැන්පත් කර තිබේ.

කාලීන පුවත්