මේ වනවිට ජාත්‍යන්තර සිදුවීම් අතර වඩාත්ම අවධානයක් දිනාගනිමින් ඇති කාරණය වන්නේ ඊශ‍්‍රායලය සහ ඉරානය අතර ඇතිව තිබෙන ගැටුම යි. මෙයට දින කිහිපයකට පෙර පසුගිය සිකුරාදා ආරම්භ වූ මෙම ගැටුම දිනෙන් දින උණුසුම් වෙමින් ඇති ආකාරයක් දැකිය හැකි වේ. සාමකාමීව කටයුතු කරන මෙන් ජාත්‍යන්තර ප‍්‍රජාවගෙන් කෙතරම් ඉල්ලීම් ඉදිරිපත් වුවත් ඊශ‍්‍රායලය සහ ඉරානය එ්වාට කන් දෙන පාටක් පෙනෙන්නට නැත.
ඊශ‍්‍රායල-ඉරාන ගැටුම අප වැනි රටවලට කවරාකාරයෙන් බල පෑ හැකි ද යන කාරණය ගැන ද විශාල අවධානයක් යොමු වන බව රහසක් නොවේ. මෙහි දී මේ වනවිට වැඩි සැලකිල්ලක් යොමුවන ප‍්‍රශ්නයක් වන්නේ ඉහත කී රටවල වාසය කරන ශී‍්‍ර ලාංකිකයන්ගේ ආරක්‍ෂාව පිලිබඳ කාරණය යි. මේ සම්බන්ධයෙන් මෙරට විදේශ අමාත්‍යංශය මෙන්ම ඉහත කී රටවල ශී‍්‍ර ලංකා තානාපති කාර්යාල ද විශේෂ පියවර රැසක් ගෙන ඇති ආකාරය දැකිය හැකි වේ. මෙම ගැටුම නිසා ශී‍්‍ර ලාංකිකයන් දෙදෙනකු තුවාල ලබා ඇති බව මේ වනවිට වාර්තා වී තිබේ.
පවතින තත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටින මෙන් විදේශ අමාත්‍යංශය සහ තානාපති කාර්යාල එම රටවල සිටින ශ‍්‍රී ලාංකිකයන්ට දැනුම් දී තිබේ. එමෙන්ම නිතර තානාපති කාර්යාල සමග සබඳතා පවත්වාගෙන යන මෙන්ද ඔවුන්ට දැනුම් දී ඇති අතර හදිසි අවස්ථාවල දී ඇමතීම සඳහා දුරකතන අංක ආදිය ද ප‍්‍රකාශයට පත් කර ඇත.
පවතින තත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටින මෙන් විදේශ අමාත්‍යංශය සහ තානාපති කාර්යාල එම රටවල සිටින ශ‍්‍රී ලාංකිකයන්ට දැනුම් දී තිබේ. එමෙන්ම නිතර තානාපති කාර්යාල සමග සබඳතා පවත්වාගෙන යන මෙන්ද ඔවුන්ට දැනුම් දී ඇති අතර හදිසි අවස්ථාවල දී ඇමතීම සඳහා දුරකතන අංක ආදිය ද ප‍්‍රකාශයට පත් කර ඇත.
මේ අතර ඊශ‍්‍රායල-ඉරාන ගැටුම් නිසා අප වැනි රටවල ආර්ථිකයන්ට ද දරුණු බලපෑමක් එල්ල වීමේ අනතුරක් ඇති බව මෙහි දී අමතක කළ හැකි නොවේ. මෙම ගැටුම ආරම්භ වීමත් සමග තෙල් මිල ඉහළ යාමට පටන් ගෙන ඇති අතර ඉදිරියේ දී තත්වය වඩාත් නරක අතට හැරෙන්නට විශාල ඉඩක් තිබේ. ඉරාන- ඊශ‍්‍රායල ගැටුම උත්සන්න වුවහොත් මැද පෙරදිග කලාපයේ නැව් ගමනාගමනයට බාධා එල්ල වීමට ඇති ඉඩ ගැන බොහෝ පාර්ශ්ව පෙන්වා දෙමින් සිටිති.
ඉරානය ආසන්නයේ පිහිටා ඇති ඉතා වැදගත් සමුද‍්‍ර සන්ධියක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම සම්බන්ධයෙන් ඉරානය සලකා බලමින් සිටින බවක් ද පසුගිය දිනවල විදෙස් මාධ්‍ය හරහා වාර්තා විය. ඇමරිකාවේ බලශක්ති තොරතුරු පරිපාලනය නැමැති ආයතනය පවසන ආකාරයට ලෝකයේ පරිභෝජනය කෙරෙන සමස්ත තෙල් ප‍්‍රමාණයෙන් සියයට 20 ක්ම ප‍්‍රවාහනය කෙරෙන්නේ මෙම සමුද්‍ර සන්ධිය හරහා යි. යම් හෙයකින් ඉරානය එය වසා දැමීමට කටයුතු කළහොත් ඇති විය හැකි බලපෑම ගැන මේ අනුව සිතාගත හැකිය. ලෝක වෙළෙඳපොලේ තෙල් මිල වේගයෙන් ඉහළ යාමට එය හේතු වනු ඇත.

ලොව රටවල් රැසක ජනතාව මේ වනවිට සිටින්නේ ඉහළ යන ජීවන වියදමෙන් බැට කමිනි. ඉදිරියේ දී තෙල් මිල විශාල වශයෙන් වැඩි වුවහොත් මෙම ගැටලූ ද තවදුරටත් උත්සන්න වනු ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. එමෙන්ම තෙල් ආනයනය කිරීම සඳහා වැය කිරීමට සිදුවන ඩොලර් ප‍්‍රමාණය ද ඉහළ යනු ඇති අතර එය අපේ විදේශ මුදල් සංචිතවලට දැඩි බලපෑමක් එල්ල කරනු ඇත.
ඊශ‍්‍රායල – ඉරාන ගැටුම වඩාත් පැතිරුණු යුද්ධයක් බවට පත් වුවහොත් එයින් අපේ ආනයන-අපනයන ක්‍ෂේත‍්‍රවලට සහ සාංචාරක කර්මාන්තයට ද යම් බලපෑමක් එල්ල විය හැකි බව ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහස යි.
තත්වය මෙසේ තිබිය දී ඉරාන- ඊශ‍්‍රායල ගැටුම අවසානයක් දකිනවා වෙනුවට තව තවත් දරුණු අතට හැරෙමින් තිබීම කා තුළත් තැති ගැන්මක් ඇති කරන්නට සමත්ව තිබෙන්නකි. දෙපාර්ශ්වයම එකිනෙකා වෙත දරුණු ලෙස ප‍්‍රතිප‍්‍රහාර එල්ල කරගනිමින් සිටින ආකාරය දැකිය හැකි වේ.

මෙම ගැටුම ආරම්භ වූයේ ඊශ‍්‍රායලය පසුගිය 13 වැනි සිකුරාදා ඉරානය වෙත දරුණු ප‍්‍රහාරයක් එල්ල කිරීමත් සමග ය. මෙහි දී යුද ගුවන් යානා 200 කට ආසන්න සංඛ්‍යාවක් යොදාගෙන තිබූ බවක් වාර්තා විය. ඊශ‍්‍රායලය ප‍්‍රධාන වශයෙන්ම ඉලක්ක කළේ ඉරානයේ න්‍යෂ්ටික වැඩපිලිවෙලට සම්බන්ධ ස්ථාන යි. ඊට අමතරව හමුදා මූලස්ථානවලට ද ප‍්‍රහාර එල්ල විය. මෙම ප‍්‍රහාරවලින් ඉරානයේ න්‍යෂ්ටික විද්‍යාඥයෝ සහ හමුදාවේ ඉහළම නිලධාරීහු කිහිප දෙනෙක් මරණයට පත් වූහ. ඉස්ලාමීය විප්ලවකාරී හමුදාවේ ප‍්‍රධානියා වූ හොසේන් සලාමි සහ ඉරාන යුද හමුදා ප‍්‍රධානි මේජර් ජනරාල් මොහමඞ් බගේරි ද එ් අතර විය.
සිකුරාදා ඊශ‍්‍රායලය එල්ල කළ ප‍්‍රහාරයෙන් පසු ඉරානය ද බැලිස්ටික මිසයිල 150 ක් සහ ඩ්‍රෝන 100 ක් පමණ යොදා ගනිමින් ඊශ‍්‍රායලය වෙත දරුණු ප‍්‍රහාරයක් එල්ල කළේය. එ් ඔස්සේ ආරම්භ වූ ප‍්‍රහාර සහ ප‍්‍රතිප‍්‍රහාර මාලාව මේ වනවිට ඉතා දරුණු ආකාරයෙන් ඉදිරියට යමින් තිබේ.
ඊශ‍්‍රායලය පවසන ආකාරයට ඔවුන් ඉරානයට ප‍්‍රහාර එල්ල කර ඇත්තේ ඉරානයේ න්‍යෂ්ටික වැඩපිලිවෙල අඩාල කිරීම සඳහා ය. ඉරානය මේ වනවිට න්‍යෂ්ටික අවි නිපදවීමට ඉතා ආසන්නව සිටින බව ඊශ‍්‍රායලයේ අදහස යි. එ් සඳහා අවශ්‍ය බලගන්වන ලද යුරේනියම් ඇතුළු සියලූ සම්පත් ඉරානය සතු බව ඊශ‍්‍රායලය පවසයි. යම් හෙයකින් ඉරානය න්‍යෂ්ටික අවි අත්පත් කරගතහොත් එය ඊශ‍්‍රායලයට සහ ඔවුන්ගේ මිත‍්‍ර පාර්ශ්වවලට දැඩි තර්ජනයක් වනු ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ.
කෙසේ නමුත් ඉරානය පවසන්නේ න්‍යෂ්ටික අවි නිපදවීමේ අදහසක් තමුන් තුළ නොමැති බව යි. තම න්‍යෂ්ටික වැඩපිලිවෙල බලශක්තිය නිපදවීම වැනි සාමකාමී කටයුතු අරමුණු කරගත්තක් බව ඔවුහු දිගින් දිගටම පවසති.
ඉරානයේ පාලන තන්ත‍්‍රය හෙවත් රෙජිමය වෙනස් කිරීම ද ඊශ‍්‍රායලයේ තවත් අරමුණක් බව පෙනේ. ඉරානයේ පාලකයන් නිතරම ඊශ‍්‍රායල විරෝධී සහ බටහිර විරෝධී ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීම එම පාර්ශ්වවලට හිසරදයක් බවට පත්ව තිබෙන්නකි.
ඉරානයේ උත්තරීතර නායකයා වන අයතොල්ලා අලී කමේනී ඝාතනය කිරීමේ සැලැස්මක් ඊශ‍්‍රායල නායකයන් තුළ පැවැති බව ද පසුගිය දිනවල වාර්තා විය. නමුත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ඊට විරුද්ධ වීම නිසා එය මේ වනවිට නතර වී තිබේ. ට‍්‍රම්ප් ඊට විරුද්ධ වී තිබුණේ එයින් තත්වය වඩාත් උත්සන්න වනු ඇතැයි යන අදහස නිසා ය.
මේ සම්බන්ධයෙන් ඊශ‍්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු කළ ප‍්‍රකාශයක් පසුගිය අඟහරුවාදා මාධ්‍ය වාර්තා කළේය. එහි දී ඔහු පවසා තිබුණේ අලී කමේනී ඝාතනය කළහොත් මෙම ගැටුම් නතර වනු විනා උත්සන්න වීමක් සිදු නොවනු ඇති බව යි. ඉරාන හමුදාවේ ඉහළම නායකයන් ඉලක්ක කළ ඊශ‍්‍රායලයට දේශපාලන නායකයන් ද ඉලක්ක කිරීම එතරම් අපහසු නොවනු ඇති බව බොහෝ නිරීක්‍ෂකයන්ගේ අදහස යි.
මෙම ගැටුම් නිසා මරණයට පත්වන සිවිල් වැසියන් සංඛ්‍යාව ද දිනෙන් දින ඉහළ යමින් ඇති ආකාරය දැකිය හැකි වේ. මෙම සටහන ලියන අවස්ථාව වනවිට වාර්තා වී තිබූ අකාරයට ඉරානයේ සිවිල් වැසියන් 230 කට ආසන්න සංඛ්‍යාවක් ද, ඊශ‍්‍රායලයේ 25 කට ආසන්න සංඛ්‍යාවක් ද මිය ගොස් තිබිණි. බොහෝ වැසියන් දිවි බේරා ගන්නේ නිවෙස්වල යටිබිම් මහල්වල හෝ වෙනත් ආරක්‍ෂිත ස්ථානවල සැඟවෙමිනි. ප‍්‍රහාර එල්ලවන ප‍්‍රදේශවලින් පලා යාමට ද බොහෝ දෙනා පියවර ගනිමින් සිටින බව වාර්තා වේ. දෙරටේම දේපලවලට ද විශාල වශයෙන් හානි සිදු වී තිබේ.
ඉරානය මෙම බල අරගලය තුළ මේ වනවිට සිටින්නේ තරමක් අවාසි සහගත තත්වයක බව ද පැවසිය හැකිය. ඉරානයේ සහායට සිටි හමාස්, හිස්බුල්ලා වැනි සන්නද්ධ කණ්ඩායම් ගාසා යුද්ධය පසුබිමේ ඊශ‍්‍රායල ප‍්‍රහාර නිසා බෙහෙවින් අඩපණ විය. මේ නිසා ඉරානයේ ශක්තිය යම් දුරකට දුර්වල වී ඇතැයි පැවසිය හැකිය. එසේ වුව ද ඔවුන් පහසුවෙන් පරාජය භාරගනු ඇතැයි ද සිතිය හැකි නොවේ. මෙම තත්වය තුළ මෙම ගැටුම කවරාකාරයෙන් අවසන් වනු ඇත් ද යන්න අනාවැකි කීමට ඉතා අපහසු කාරණයක් බවට පත්ව තිබේ.
සඳුදා (16) ඊශ‍්‍රායලය ඉරානයේ ජාතික රූපවාහිනි මධ්‍යස්ථානයට ද ප‍්‍රහාරයක් එල්ල කළේය. එයින් ප‍්‍රවෘත්ති සංස්කාරකවරයකු සහ තවත් සේවකයකු මිය ගොස් තිබිණි.
ඊශ‍්‍රායලය සහ ඉරානය යනු දිගු කලෙක සිටම සතුරු රාජ්‍යයන් දෙකක් බව රහසක් නොවේ. ආගමික වෙනස්කම් ද මෙම පසමිතුරුකම් පසුබිමේ තිබේ. එ් අතර ඉරානය ඊශ‍්‍රායලය සලකන්නේ බටහිර බලවතුන්ගේ ඉත්තෙකු ලෙසිනි. මැද පෙරදිග කලාපය තුළ ඉරානයේ වුවමනාවන්ට ඊශ‍්‍රායලයෙන් තර්ජනයක් එල්ල වන බව ඉරානයේ අදහස යි. එ් නිසා ඔවුන්ට අවශ්‍යව ඇත්තේ ඊශ‍්‍රායලය විනාශ කිරීමට ය.
නමුත් ඉරානය මෙම බල අරගලය තුළ මේ වනවිට සිටින්නේ තරමක් අවාසි සහගත තත්වයක බව ද පැවසිය හැකිය. ඉරානයේ සහායට සිටි හමාස්, හිස්බුල්ලා වැනි සන්නද්ධ කණ්ඩායම් ගාසා යුද්ධය පසුබිමේ ඊශ‍්‍රායල ප‍්‍රහාර නිසා බෙහෙවින් අඩපණ විය. මේ නිසා ඉරානයේ ශක්තිය යම් දුරකට දුර්වල වී ඇතැයි පැවසිය හැකිය. එසේ වුව ද ඔවුන් පහසුවෙන් පරාජය භාරගනු ඇතැයි ද සිතිය හැකි නොවේ. මෙම තත්වය තුළ මෙම ගැටුම කවරාකාරයෙන් අවසන් වනු ඇත් ද යන්න අනාවැකි කීමට ඉතා අපහසු කාරණයක් බවට පත්ව තිබේ.
නිහාල් පීරිස්