2024 වර්ෂයේ පැවැති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව 2024/2025 අධ්‍යයන වර්ෂයට සිසුන් 42,172ක් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරයි.
2024/2025 අධ්‍යයන වර්ෂයට අදාළ විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු පෙරේදා (25) රාත්‍රියේ නිකුත් කෙරිණ. 2024 වර්ෂයේ දී උසස් පෙළ විභාගය සඳහා සිසුන් 285,289ක් පෙනී සිටි අතර ඉන් 177,920ක් විශ්වවිද්‍යාල ප්‍රවේශයට මූලික සුදුසුකම් සපුරා ඇත.
සිසුන් 90,670ක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කළ බවත් කොමිෂන් සභාව සඳහන් කරයි.