උත්සව සමය වෙනුවෙන් අද (24) සිට ලබන 27වනදා දක්වා විශේෂ අමතර බස්රථ සේවා ක්රියාත්මක කරන බව ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සජීව නන්දන කනකරත්න පවසයි.
ඔහු සඳහන් කළේ දුම්රිය පහසුකම් අඩාල වීම, මගීන්ගේ ඉල්ලීම් ආදිය සළකා මෙම විශේෂ බස්රථ යෙදවීම සිදුකළ බවයි.