උත්සව සමයේ ගිනිකෙලි භාවිතයේ දී ආරක්ෂිතව මෙන්ම අවට සිටින ජනතාවට හිරිහැර නොවන පරිදි කටයුතු කළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යු වුට්ලර් මහතා සඳහන් කරයි.
ප්‍රමිතියෙන් තොර ගිනිකෙළි නිෂ්පාදනයන් සමාජයට ලබා දීම, ප්‍රදර්ශනය කිරීම විකිණීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
එසේම සංගීත ප්‍රසංග පැවැත්විමේ දී ද පොලිසියේ සහ ආරක්ෂක අංශවල නිසි උපදෙස් පිලිපැදිය යුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යු වුට්ලර් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.