උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ මණ්ඩල පරීක්ෂකවරුන් තෝරා ගැනීමට අයදුම්පත් කැඳවයි

2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ මණ්ඩල පරීක්ෂකවරුන් තෝරා ගැනීමට මාර්ගගතව අයදුම්පත් කැඳවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අවවියට පිවිස මාර්ගගතව අයදුම්පත් යොමු කළ හැකියි.

මේ සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේ නම් පහත දැක්වෙන දුරකථන අංක මගින් හෝ විද්‍යුත් තැපෑල මගින් විමසීම් කළ හැකියි.

දුරකථන අංක – 0112784208 / 0112784537 / 0112785922

විද්‍යුත් තැපෑල – [email protected]

කාලීන පුවත්