එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසි වාරය අද (08) ආරම්භ වේ.
සැසිවාරය අද සිට ලබන ඔක්තෝබර් 08 වන දින දක්වා පැවැත්වීම නියමිතයි.
මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකා රජය වෙනුවෙන් අමාත්‍ය විජිත හේරත් මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට ද නියමිතව තිබේ.
සංචාරය තුළදී අමාත්‍යවරයා ඉහළ පෙලේ රාජ්‍ය තාන්ත්‍රකයින් කිහිපදෙනෙකු සමඟ ජිනීවා නුවරදී සාකච්ඡා පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කරනලදි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා හා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අතර විශේෂ හමුවක් ද එහිදී පැවැත්වීමට නියමිතව ඇත.