පවතින වියළි කාලගුණතත්වය සහ එල් නිනෝ (El Nino) පාරිසරික බලපෑම් සහ දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් පරිසර අමාත්‍යංශයේ දේශගුණ විපර්යාස අංශයේ අධ්‍යක්ෂ නීල් රන්දෙණි මහතා ඊයේ(06) දින කරුණු පැහැදිලි කිරීමක් සිදු කරනලදි.
මෙහිදී ගෝලීය වශයෙන් බලපෑම් සිදුකරනු ලබන දේශගුණ විපර්යාස හේතුවෙන් මෙරට ආර්ථික,සමාජිය සහ කෘෂිකාර්මික අංශයන් වෙත සිදුකරනු ලබන බලපෑම සහ එහිදී ගත යුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙනුයි අවධානය යොමු විය.
ජලය සහ බලශක්තිය තිරසර ලෙස භාවිතා කිරීම මෙවැනි අභියෝගාත්මක අවස්ථාවක ජනතාව සතු වගකීමක් බව ද පරිසර අමාත්‍යංශයේ දේශගුණ විපර්යාස අංශයේ අධ්‍යක්ෂ නීල් රන්දෙණි මහතා ප්‍රකාශ කරනලදි.