කොළඹ – පුත්තලම හරහා යාපනය මාර්ගයේ ඒකාබද්ධ කාලසටහනකට බස් රථ ධාවනය ලබන අද (25) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.
ඒ අනුව මෙතෙක් ස්ථාන දෙකකදී ආරම්භ වූ ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස්රථ ධාවනය ලබන සතියේ සිට බැස්ටියන් මාවතෙන් ආරම්භ කිරීමට නියමිතයි.මේ හරහා බස් රථ ධාවනයේදී පවතින තරගය අහෝසි වී යනු ඇති බව ද ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කරයි.
මෙලෙස කොළඹ සිට ඒකාබද්ධ කාලසටහනකට අනුව බස්රථ ධාවනය වන්නේ පළමු වතාවටයි.