ඕනෑම දෙමාපියෙක් තමන්ගේ දරුවන්ට උගන්වන්නට ගන්නේ මහත් වෙහෙසකි. එසේම ඒ හැම මාපිය කෙනෙකුගේම අපේක්ෂාව තමන්ට වඩා බොහෝ දුරක් තමන්ගේ දරුවන් ඉහළට යනු දැකීම ය. මේ සඳහා ඔවුහු විශාල කැපකිරීමක් කරති. ඒ කැප කිරීම සහ උත්සාහය නිසාම දරුවා බොහෝ වෙහෙස මහන්සි වී පාඩම් කර විභාග සමත් වී උගතෙකු විය හැකිය. නමුත් ගැටලුවක් තිබේ. ඕනෑම දෙමාපියෙක් තමන්ගේ දරුවන්ට උගන්වන්නට ගන්නේ මහත් වෙහෙසකි. එසේම ඒ හැම මාපිය කෙනෙකුගේම අපේක්ෂාව තමන්ට වඩා බොහෝ දුරක් තමන්ගේ දරුවන් ඉහළට යනු දැකීම ය. මේ සඳහා ඔවුහු විශාල කැපකිරීමක් කරති. ඒ කැප කිරීම සහ උත්සාහය නිසාම දරුවා බොහෝ වෙහෙස මහන්සි වී පාඩම් කර විභාග සමත් වී උගතෙකු විය හැකිය. නමුත් ගැටලුවක් තිබේ. උගතෙකු වීම නිසාම දරුවා බුද්ධිමතෙකු ද විය හැකිද ? මෙයට දිය හැකි පිළිතුර නම් ‘නැත’ යන්න ය. හේතුව, උගත්කම යනු බුද්ධිමත්කම ම නොවන නිසා ය.
බොහෝ දෙමව්පියන් තමන්ගේ දරුවා අනාගතයේ වෛද්‍යවරයකු වනු දකින්නට කැමති ය. එය ඉතා යහපත් අදහසකි. නමුත් හැම වෛද්‍යවරයෙක්ම හොඳද? වෛද්‍යවරයෙක් වන්නට උගත්කම පමණක් සෑහෙයි. නමුත් හොඳ වෛද්‍යවරයෙක් වන්නට උගත්කම පමණක් ප්‍රමාණවත් වන්නේ නැත.
මගේ ක්ෂේත්රය වෛද්‍ය ක්ෂේත්රය නිසා අපි උදාහරණයක් ලෙස ඒ ගැන කතා කරමු.
තවමත් බොහෝ දෙමව්පියන් තමන්ගේ දරුවා අනාගතයේ වෛද්‍යවරයකු වනු දකින්නට කැමති ය. එය ඉතා යහපත් අදහසකි. නමුත් හැම වෛද්‍යවරයෙක්ම හොඳද? වෛද්‍යවරයෙක් වන්නට උගත්කම පමණක් සෑහෙයි. නමුත් හොඳ වෛද්‍යවරයෙක් වන්නට උගත්කම පමණක් ප්‍රමාණවත් වන්නේ නැත.
ලෝකයේ අධ්‍යාපනඥයන්ගේ සොයාගැනීම්වලට අනුව පරිපූර්ණ අධ්‍යාපනය කොටස් හයකට බෙදේ. බුද්ධිය නියම ආකාරයට සංවර්ධනය වන්නට නම් මේ කොටස් හයම සංවර්ධනය විය යුතුය. එම කොටස් හය මෙසේය.
1. බුද්ධි සංවර්ධනය
2.භෞතික (කායික) සංවර්ධනය
3. සෞන්දර්යාත්මක සංවර්ධනය
4.භාවමය සංවර්ධනය
5. සමාජ සංවර්ධනය
6. ආධ්‍යාත්මික සංවර්ධනය
දැන් අපි නැවතත් අපේ කතාවේ මුලට යමු.
වෛද්‍යවරයෙකු ගැන සලකන විට අනිවාර්යෙන්ම බුද්ධි සංවර්ධනය තිබේ. නමුත් වෛද්‍යවරයකු වීම නිසාම අනෙක් කොටස් පහ ද සංවර්ධනය වී තිබෙන්නේ යැයි සැලකිය හැකිද?
භෞතික සංවර්ධනය තිබෙන්නේ නම් ඔහු බොහෝ ක්‍රියාකාරී සෞඛ්‍යමත් පුද්ගලයකු විය යුතුය.
සෞන්දර්යාත්මක සංවර්ධනය යනු කලාව රස විඳීමේ හැකියාවයි. වෛද්‍යවරයෙකුට කොයිතරම් දුරට මේ තත්ත්වය තිබෙනවාද?
හැඟීම්වල දියුණු බව භාවමය සංවර්ධනය ලෙස සැලකේ. එම වෛද්‍යවරයා අනෙක් අය කෙරෙහි සංවේදී, දුකේදී උණුවන හිතක් ඇති කෙනෙක්ද?
සමාජ සංවර්ධනය යන්නෙන් අදහස් කරන්නේ සමාජයේ අනෙක් අය සමග ගැටී සහයෝගයෙන් වැඩ කිරීමට තිබෙන හැකියාවයි. උදේට රෝහලටත්, සවසට පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානවලත් ගතකර රෑ මැද යාමේ නිවසට යන වෛද්‍යවරයෙකු වෙතින් සමාජ සංවර්ධනය දියුණු වූ පුද්ගලයකු කොයි තරම් දුරට අපේක්ෂා කළ හැකිද?
දෙමාපියන්ට වැඩිහිටියන්ට සැලකීම ගරු කිරීම ඇතුළු සියලු සමාජ සාරධර්ම කෙරෙහි දක්වන උනන්දුව ආධ්‍යාත්මික සංවර්ධනය සමඟ බැඳී පවතී.
මේ දේවල් සම්බන්ධයෙන් ඔබට කොයිතරම් දුරට සාර්ථක පිළිතුරක් දිය හැකිද? එය ඔබේ දරුවා ලබන අධ්‍යාපනය හා සම්බන්ධ වී පවතී.
බුද්ධි සංවර්ධනය ඉහළින්ම තිබුණත් සුන්දර කිසිවක් රස විඳින්නට නොහැකි, අනෙක් අය කෙරෙහි උණුවන හිතක් නැති, සමාජය සමඟ සහයෝගයෙන් වැඩ කරන්නට කාලයක් හෝ උවමනාවක් නැති, තමන්ගේ දෙමාපියන් දකින්නට සහෝදරයෙකුට නැති බැරි කෙනෙකුට පිහිට වන්නට කිසිම උවමනාවක් නැති, සමාජ සාරධර්ම පිළිබඳ කිසිදු තැකීමක් හැඟීමක් නැති පුද්ගලයකුට යහපත් වෛද්‍යවරයකු විය නොහැකිය. මෙහිදී උදාහරණයක් ලෙස වෛද්‍යවරයකු පිළිබඳව ගත්තද වෙනත් ඕනෑම වෘත්තියකට මෙය අදාළ වේ. ගස් කපමින් පරිසරය විනාශ කරමින් ගොඩනැගිලිම තනන්නට උත්සාහ කරන ඉංජිනේරුවකුගෙන් සමාජයට සිදුවන යහපත කුමක්ද? බුද්ධි සංවර්ධනයෙන් පමණක් යහපත් මිනිසෙකු බිහි නොවන බව දැන් ඔබට වැටහෙනු ඇතැයි සිතමු.
ඉහත කී කොටස් හය ආකාර පහකට සංවර්ධනය විය යුතුය.
1. පෞද්ගලික සංවර්ධනය
2. ප්‍රජා සංවර්ධනය
3. සමාජමය සංවර්ධනය
4. පාරිසරික සංවර්ධනය
5. විශ්ව සංවර්ධනය
ඒ අනුව කෙනෙකු ලබන අධ්‍යාපනය තුළින් ඔහුගේ බුද්ධිය සංවර්ධනය විය යුතුය. ඒ තමන්ගේ යහපත සඳහාත්, තමන්ගේ පවුලේ නෑ හිතවතුන් සහ ප්‍රජාවගේ යහපත සඳහාත්, මුළු මහත් සමාජයේම යහපත සඳහාත්, පරිසරය ගහකොළ සතුන්ගේ යහපත සඳහාත් පමණක් නොව මුළු විශ්වයේම යහපත සඳහා ය. කායික සංවර්ධනය, සෞන්දර්යාත්මක සංවර්ධනය, භාවමය සංවර්ධනය, සමාජ සංවර්ධනය, ආධ්‍යාත්මික සංවර්ධනය යන මේ සියල්ලම ඔය ආකාරයට තමන්ගේ යහපත සඳහා මෙන්ම ප්‍රජාවේත්, මුළු මහත් සමාජයේත්, පරිසරයේත්, විශ්වයේත් යහපත සඳහා ම විය යුතුවේ.
දැන් අපි අද පවතින අධ්‍යාපන ක්‍රමය ගැන අවධානය යොමු කරමු.
රෝගයකට ප්‍රතිකාර ගැනීම සඳහා තම දරුවා කැටුව මාපිය යුවළක් මවෙත පැමිණියහ. එම දරුවා සම්බන්ධයෙන් මා විමසූ ප්‍රශ්නයකට මව පිළිතුරු දුන්නේ මෙලෙසිනි.
“මෙයා ඉස්කෝලේ ඇරිලා ඊළඟට ටියුෂන් පන්ති යනවා. ඊට පස්සේ ගෙදර ඇවිත් රෑ දොළහ විතර වෙනකම්ම ඉස්කෝලේ හෝම් වර්ක් කරනවා. පුතාට ඒවා තනියම කරගන්නත් අමාරුයි. භාගයක් විතර කරල දෙන්නේ මමමයි”
“දරුවා ඉගෙන ගන්නේ කීයේ පන්තියේද?”
“තුනේ පන්තියේ ඩොක්ටර්”
මෙවැනි දරුවකුත් බුද්ධිමය වශයෙන් සංවර්ධනය වනු ඇත. එසේම පෞද්ගලික සංවර්ධනය ද සිදුවිය හැකිය. නමුත් ඔහුට දෙමාපියන් සහෝදරයන් ගැන සිතන්නට වෙලාවක්, සහෝදරයෙක් යාළුවෙක් සමග එකතු වී සෙල්ලම් කරන්නට වෙලාවක්, සුරතල් සතකු සමඟ ගත කරන්නට වෙලාවක්, සමාජය ගැන හිතන්නට වෙලාවක් යන මේ කිසිවකට ඉඩක් නොලැබෙනු ඇත. මෙම දරුවාගේ බුද්ධි වර්ධනය සමග පෞද්ගලික සංවර්ධනය ඇති වුවත් ඉහත කී අනෙක් කිසිම දෙයක් සංවර්ධනය වී නැති නිසා තමන් ගැනම පමණක් සිතන ඉතා ආත්මාර්ථකාමී පුද්ගලයකු එම දරුවා තුළින් බිහි වේ. ඔහුගෙන් ලෝකයට, රටට, පවුලට සේම අඩුම තරමෙන් තමාටවත් පලක් නැත.
අපේ රටේ පවතින්නේ මොළයට කරුණු හෙවත් දැනුම ගබඩා කර ඒවා ප්‍රශ්න පත්රයකට පිළිතුරු වශයෙන් කැටි කරන අධ්‍යාපන ක්රමයකි. පාසල තුළදීත් ටියුෂන් පන්තියේදීත්, නැවත ගෙදරදීත් කරන්නේ මේ අයුරින් දැනුම ගබඩා කිරීමයි.
අපගේ මොළයෙහි සෛල කලාප බිලියන සියයක් පමණ තිබේ. දැනුම ගබඩා වන්නේ මේ සෛල කලාපවලින් එක් කොටසක ය. ඉහත කී අනෙකුත් දේවල් වෙනත් වෙනත් සෛල කලාපවල ගබඩා වෙයි. මේ අධ්‍යාපනය ක්‍රමය නිසා දරුවකුගේ කුඩා කල සිටම ක්‍රියාත්මක වන්නේ දැනුම ගබඩා වන සෛල කලාපය පමණි. අනික් සෛල කලාප ක්‍රියාත්මක වීමක් නැතිව ඔහේ නිකන් ම පවතී. ඔබ මෙසේ සිතන්න. අතක් පයක් වුවත් නොසොල්වා එක දිගටම එක ඉරියව්වෙන් කෙනෙක් සිටියොත් ඒ අත් පා අක්‍රිය වීම සිදුවේ. එසේම මොළයේ ක්‍රියාකාරී නොවන සෛල කලාපත් මේ අයුරින් අක්‍රිය වී තිබී අවසානයේ ඒවා මිය යයි. වැඩිහිටියන් ලෙස අප කරන්නේ අපේ දරුවන් සම්මත උගතුන් කිරීම සඳහා මොළයේ එක් සෛල කලාපයක් දැඩි ලෙස වෙර ගන්වා අනෙක් කොටස් මිය යාමට සැලැස්වීම ය.
දරුවකු ප්‍රශ්න පත්‍රයක ප්‍රශ්නවලට සාර්ථකව මුහුණ දිය හැකිය. නමුත් ජීවිතයේදී එළඹෙන ප්‍රශ්නවලට මුහුණ දීමට ඒ දරුවාට බොහෝ විටම හැකියාවක් නැත. කුඩා කල සිටම ඔහු ලද අධ්‍යාපනය තුළින් පොතේ දැනුම මිස ජීවිතය පිළිබඳ දැනුමක් ලබන්නට මෙහෙයවා නොතිබීමේ ප්‍රතිඵලය එයයි. කොයිතරම් උගත් වුවත් විභාගයකින් අසමත් වූ විට, ප්‍රේමයෙන් පැරදුණු විට ආදී වශයෙන් ජීවිතයේ එළඹෙන විවිධ ගැටලුවල දී දිවි නසා ගන්නට පෙළඹෙන්නේ මෙවැනි අයයි. එවැනි උගත්කමකින් සමාජයට තබා ඒ තැනැත්තාටවත් ප්‍රයෝජනයක් නොමැති බව කීවේ එනිසා ය.
අපේ දරුවන්ට පාසල් අධ්‍යාපනය ලැබෙන්නේ පෙළපොත් මගිනි. මේවායේ තිබෙන අති විශාල කරුණු ප්‍රමාණය කොතෙක්දැයි කිවහොත් ඒවා පාසලේ සිට ඉන් පිටතටත් පැමිණ ළමයා සමග ළමයාගේ ගෙදරටත් යයි. මැදියම් රැය වන තුරු කුඩා දරුවන්ට පවා පාසලෙන් පවරන ගෙදර වැඩ කරන්නට සිදු වී තිබෙන්නේ එනිසා ය. එක්සත් ජාතීන්ගේ ළමා ප්රඥප්තියේ සඳහන් වන අන්දමට ළමයකුට පැවරෙන හැම වැඩක්ම ඔහුට දරා ගත හැකි ප්‍රමාණය නොඉක්මවිය යුතුය. නමුත් අපේ රටේ පාසල් විෂය නිර්දේශය තුළින්ම ළමා ප්රඥප්තිය උල්ලංඝනය වෙයි.
අන්තිමේ මේ රටට ඉතිරි වන්නේ තමන් ගැනම පමණක් සිතන, කිසිදු පරාර්ථයක් නැති, තෙත් ගතියක් නැති කුහක බවින් යුතු, ජීවිතයේ එදිනෙදා ප්‍රශ්නවලට අභියෝගවලට මුහුණ දෙන්නට ආත්ම ශක්තියක් නැති මිනිසුන් පිරිසක් පමණි. මෙය රටකට සමාජයකට ඉතා ව්‍යසනකාරී තත්ත්වයකි. එබැවින් ඉහත කී ආකාරයට මොළයේ සියලුම කලාප සංවර්ධනය වන, ළමයාට හිතකර, දරාගත හැකි අධ්‍යාපන ක්‍රමයක් බිහි කිරීමට රජයේත්, අධ්‍යාපනඥයන් ඇතුළු අනෙකුත් උගතුන්ගේත් අවධානය වහා යොමු විය යුතුය.
එසේ නම් මේ ගැටලුවට තිබෙන විසඳුම කුමක්ද?
විෂය කරුණුවලින් තොර අධ්‍යාපනයක් නැත. එය අපි ද පිළිගනිමු. නමුත් පමණ ඉක්මවන විෂය කරුණු ප්‍රමාණයක් පැටවීම දරුවකුගේ වර්ධනය වන වයසේ දී මොළයට හිතකර වන්නේ නැත. මෙමගින් දරුවා නාමික උගතෙක් වනු මිස පරිපූර්ණ බුද්ධිමතෙක් බිහිවීමට අවකාශයක් නොලැබේ. එවැනි උගතුන්ගෙන් පවුලට, පරිසරයට, සමාජයට, විශ්වයට යන මේ කිසි දේකට පලක් නැත.
ඉගැන්වීමේ දී මේ දෙන කරුණු සම්භාරය මැණික් දියමන්ති කිහිපයක් සහිත විශාල පස් මල්ලක් වැනි වූවකි. දරුවා මේ පස් මල්ල කරේ තබාගෙන අමාරුවෙන් ඔසවාගෙන යයි. නමුත් මේ පස් ටිකෙන් අර කියූ මැණික්, දියමන්ති කැට කිහිපය වෙන්කර දෙන්නේ නම් දරුවාට ඒ ටික මිට මොළවාගෙන වුණත් ඉදිරියට යන්නට පුළුවන. ඒ ටික නිසි ලෙස තෝරා නොදෙන නිසා පාසලේ දී උතුරා පිටාර ගලන විෂය කරුණු ප්‍රමාණය ගෙදර දී රෑ මැදියම වනතුරු සහ සති අන්තයේත්, වාරාවසාන පාසල් නිවාඩුවලදීත් දරුවා ව අධ්‍යාපනය තුළ සිරකර තබා, නිදහස නැති කර දරුවා ගේ ළමා කාලය විනාශ කරමින් ඉදිරියට යාම සිදුවේ. ටියුෂන් පන්තිවලට ගොස් දරුවන් දුක් විඳින්නේත් ඔය කරුණු සම්බන්ධයෙන් පාසලෙන් දෙන දැනුමත් ප්‍රමාණාත්මක වී නැති නිසා ය.
එනිසා වහාම මේ තත්ත්වය වෙනස් විය යුතුය. නැතහොත් අන්තිමේ මේ රටට ඉතිරි වන්නේ තමන් ගැනම පමණක් සිතන, කිසිදු පරාර්ථයක් නැති, තෙත් ගතියක් නැති කුහක බවින් යුතු, ජීවිතයේ එදිනෙදා ප්‍රශ්නවලට අභියෝගවලට මුහුණ දෙන්නට ආත්ම ශක්තියක් නැති මිනිසුන් පිරිසක් පමණි. මෙය රටකට සමාජයකට ඉතා ව්‍යසනකාරී තත්ත්වයකි. එබැවින් ඉහත කී ආකාරයට මොළයේ සියලුම කලාප සංවර්ධනය වන, ළමයාට හිතකර, දරාගත හැකි අධ්‍යාපන ක්‍රමයක් බිහි කිරීමට රජයේත්, අධ්‍යාපනඥයන් ඇතුළු අනෙකුත් උගතුන්ගේත් අවධානය වහා යොමු විය යුතුය.
ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය නිලුපුල් පෙරේරා
සටහන ඉන්දු පෙරේරා